ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන තාක්ෂණික විසඳුම් රැසක්

    September, 18, 2026

    ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන හේලීස් ධාන් සහ ආහාර සැකසුම් යන්ත්රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී.

    පසුගිය අගෝස්තු 21 සිට 23 දක්වා BMICH හිදී පැවති ProFood, ProPack & AgBiz 2026 ප්‍රදර්ශනයේදී මෙම නව ව්‍යාපාරික අංශය ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් වෙත නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂිත යන්ත්‍රෝපකරණ සහ නවීන තාක්ෂණික විසඳුම් සැපයීම මෙම නව අංශයේ ප්‍රධාන අරමුණ වේ. ප්‍රදර්ශනය අතරතුරදී, ධාන්‍ය හා ආහාර සැකසුම් ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව, නිෂ්පාදන ගුණාත්මකභාවය, සනීපාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් තාක්ෂණික විසඳුම් පෙළක් ඉදිරිපත් කෙරිණි. ඒ අතර ධාන්‍ය වියළීමේ හා ගබඩා කිරීමේ පද්ධති, උසස් තත්ත්වයේ වී කෙටීමේ යන්ත්‍ර, ආහාර සැකසුම් සඳහා විශේෂිත උපකරණ, ආහාර නිෂ්පාදනවල අඩංගු ලෝහමය ද්‍රව්‍ය හඳුනාගැනීමේ පද්ධති (Food Metal Detection Systems), සනීපාරක්ෂක විසඳුම් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් අධීක්ෂණය හා පාලනය සඳහා වන මාර්ගගත තාක්ෂණික පද්ධති (Online Process Control Systems) ඇතුළත් විය.

    කෘෂිකාර්මික යෙදවුම් සැපයීමේ ක්ෂේත්‍රයේ දිගුකාලීන පළපුරුද්දක් සහිත හේලීස් ඇග්‍රිකල්ච සමාගම, කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන සැපයුම් දාමය පුරා පූර්ණ විසඳුම් සපයන ආයතනයක් බවට සිය සේවා පරාසය තවදුරටත් පුළුල් කරමින් සිටී. එම ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නව ව්‍යාපාරික අංශය හඳුන්වාදීම සැලකිය හැකි අතර, යාන්ත්‍රීකරණය, නවීන තාක්ෂණය සහ අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ආහාරපාන  නිෂ්පාදකයන් දක්වා විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට හේලීස් ඇග්‍රිකල්ච අපේක්ෂා කරයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් කර්මාන්තයේ ඵලදායීතාව, ගුණාත්මකභාවය, සුරක්ෂිතතාව සහ තාක්ෂණික හැකියාවන් ඉහළ නංවමින් එහි තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට දායක වීම සමාගමේ අරමුණයි.

    එසේම, මෙම ප්‍රදර්ශන කුටියේදී Sunfrost (Pvt) Ltd සමාගමේ ‘ගොවි අරුණ’ නිෂ්පාදන පෙළ සහ ‘Island Magic Peanut Spread’ නව මුහුණුවරකින් එළිදැක්වීමද කැපී පෙනෙන අංගයක් විය. දෛනික ආහාර පිළියෙල කිරීම වඩාත් පහසු කරමින් මෙම උසස් තත්වයේ ගුණාත්මක  නිෂ්පාදන හඳුන්වාදීමේ අවස්ථාවට සමගාමීව, දක්ෂ සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් සජීවී ආහාර පිළියෙල කිරීමේ වැඩසටහන් සහ රස බැලීමේ අවස්ථාද සංවිධානය කර තිබිණි. මීට අමතරව, වගා කටයුතුවල නිරවද්‍යතාව, කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා භාවිත වන කෘෂිකාර්මික ඩ්‍රෝන (Agricultural Drones) තාක්ෂණය පිළිබඳ අත්දැකීමක් ක්‍රීඩා ආශ්‍රයෙන් ලබාගැනීමටද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසට අවස්ථාව සලසා තිබුණි.

    මෙම නව පියවර පිළිබඳව අදහස් දක්වමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය මෙසේ පැවසුවාය.

    “ගොවි ජනතාවට මෙන්ම සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය උසස් තත්ත්වයේ යෙදවුම්, තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින් හේලීස් ඇග්‍රිකල්ච සෑමවිටම කෘෂිකර්මාන්තයේ දියුණුවට ශක්තිමත් පදනමක් ගොඩනඟා තිබෙනවා. ක්ෂේත්‍රයේ වෙනස්වන අවශ්‍යතාවලට සරිලන පරිදි යාන්ත්‍රීකරණය, නවීන තාක්ෂණය සහ අගය එකතු කළ විසඳුම් කෙරෙහි අපගේ අවධානය තවදුරටත් පුළුල් කිරීම එම දැක්මේ තවත් එක් ඉදිරි පියවරක්.

    ‘හේලීස් ඇග්‍රිකල්ච ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ’ අංශය හඳුන්වාදීම එම ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. මෙමගින් ශ්‍රී ලංකාවේ ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයට උසස් තත්ත්වයේ යන්ත්‍රෝපකරණ සහ නවීන තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමට මෙන්ම, නිෂ්පාදන ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.

    එමෙන්ම, නව මුහුණුවරකින් ඉදිරිපත් කළ ‘ගොවි අරුණ’ නිෂ්පාදන පෙළ සහ ‘Island Magic Peanut Spread’ වැනි අගය එකතු කළ ආහාර නිෂ්පාදන හරහා, වර්තමාන පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන නවෝත්පාදන විසඳුම් හඳුන්වාදීම සඳහා අපගේ කැපවීමද තවදුරටත් පිළිබිඹු වෙනවා. ProFood, ProPack & AgBiz 2026 ප්‍රදර්ශනයට අපගේ සහභාගීත්වය තුළින් අපි අවධාරණය කරන්නේ නවෝත්පාදනය හුදෙක් තාක්ෂණික දියුණුවකට සීමා නොවී, ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා සමඟ සම්බන්ධ කරමින් සමස්ත කෘෂිකාර්මික හා ආහාර සැපයුම් දාමය පුරා වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා යොදාගත යුතු බවයි.  ඉදිරියේදීත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ කෘෂි හා ආහාර කර්මාන්තයේ ඵලදායීතාව සහ තරඟකාරීත්වය ඉහළ නැංවීමට අපි කැපවී සිටිනවා.”

    නවීන යන්ත්‍රෝපකරණ, කෘෂිකාර්මික තාක්ෂණය සහ අගය එකතු කළ ආහාර විසඳුම් වෙනුවෙන් අඛණ්ඩව සිදුකරන ආයෝජන තුළින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර කර්මාන්තයේ ඵලදායීතාව, නවෝත්පාදනය සහ තිරසාර වර්ධනය ඉහළ නැංවීමට හේලීස් ඇග්‍රිකල්ච අඛණ්ඩව කැපවී සිටී.

    ඒ ඔස්සේ, කෘෂිකාර්මික හා ආහාර සැපයුම් දාමයේ විවිධ පාර්ශ්වකරුවන්ට විශ්වාසනීය හා ඒකාබද්ධ විසඳුම් සපයන හවුල්කරුවෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනු ලබයි.