2026 මුල් මාස 08 සංචාරක පැමිණීම් 2%කින් පහළ යද්දී සංචාරක ඉපැයීම් 10%කින් අඩුවෙලා

    September, 21, 2026

    2026 වසරේ ජනවාරි - අගොස්තු කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,061.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    2026 අගෝස්තු මාසයේ දී වාර්තා වුුුණු ඩොලර් මිලියන 264.4ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය සමඟින් වසරේ මුල් මාස 08 තුළ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබුණ ද එය 2025 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 2,290 හා සැසඳීමේ දී 10%ක පහළ යාමක් වේ.

    කෙසේවෙතත් 2025 මුල් මාස 08 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වූ 1,566,523 හා සැසඳීමේ දී 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා පැමිණි සංචාරකයින් ප්‍රමාණය පහළගොස් ඇත්තේ 2%ක ප්‍රමාණයකිනි. එම සංඛ්‍යාව සංචාරකයින් 1,535,122ක් ලෙසින් වාර්තා වී ඇත.