Vision Care Hearing Solutions විසින් Hearing Ambassador වැඩසටහන දියත් කරයි

    September, 30, 2026

    ශ්‍රවණ සෞඛ්‍යය පිළිබඳව සමාජයේ වඩාත් විවෘත හා ධනාත්මක සංවාදයක් ඇති කිරීමේ අරමුණින් Vision Care Hearing Solutions ආයතනය සිය නවතම Hearing Ambassador වැඩසටහන පසුගියදා නිල වශයෙන් දියත් කළේය.

    මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ Shangri-La හෝටලයේදී විශේෂ හමුවක් පැවැත්වුණු අතර, දිගුකාලීනව Oticon ශ්‍රවණ උපකරණ භාවිත කරන තෝරාගත් පාරිභෝගික පිරිසක් ඒ සඳහා එක්වූහ. Hearing Ambassador වරුන්  ලෙස එක්වන ඔවුන්, තමන් අත්විඳි සැබෑ ශ්‍රවණ අත්දැකීම් අනෙකුත් පුද්ගලයන් සමඟ බෙදාගනිමින්, ශ්‍රවණ ගැටලු පිළිබඳව දැනුවත්භාවය සහ විශ්වාසය වර්ධනය කිරීමට දායක වනු ඇත.

    ශ්‍රවණ අපහසුතා හඳුනාගැනීම, ශ්‍රවණ පරීක්ෂණයකට යොමුවීම, වෘත්තීය උපදෙස් ලබාගැනීම සහ ශ්‍රවණ උපකරණ භාවිත කිරීම පිළිබඳව තවමත් දෙගිඩියාවෙන් පසුවන පුද්ගලයන් දිරිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. ඒ සඳහා වෘත්තීමය උපදෙස් මත පමණක් පදනම් නොවී එම අත්දැකීම සෘජුවම අත්විඳ ඇති පුද්ගලයන්සේ සැබෑ අත්දැකීම් හා අදහස් හුවමාරු කරගැනීමේ වැදගත්කම මෙහිදී අවධානයට ලක් විය.

    වැඩසටහනේ සමාරම්භක හමුව සඳහා Oticon Export හි ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර පුහුණුකාරිනිය සහ උපදේශිකා Dr. Maureen Doty Tomasula ද සහභාගී වූවාය. එහිදී ශ්‍රවණ සත්කාර ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රවණ තානාපතිවරුන් සමඟ සුහද හා අර්ථවත් සාකච්ඡාවක් පැවැත්විණි.

    මෙහිදී සහභාගි වූවන් තම ශ්‍රවණ අපහසුතා හඳුනාගත් ආකාරය, ශ්‍රවණ පරීක්ෂණ සඳහා යොමුවීම, ශ්‍රවණ උපකරණවලට හුරු වීම සහ එමඟින් දෛනික සන්නිවේදනයේ ඇති වූ වෙනස්කම් පිළිබඳව සිය අත්දැකීම් විවෘතව බෙදාගත්හ.

    එම සාකච්ඡාව තුළින් සාර්ථක ශ්‍රවණ සත්කාරයක් සඳහා උපදේශනය, යථාර්ථවාදී අපේක්ෂාවන්, පවුලේ සාමාජිකයන්ගේ සහාය, වෘත්තීය පසු විපරම සහ අඛණ්ඩ සහයෝගය යන කරුණුවල වැදගත්කමද අවධාරණය කෙරිණි.

    විවෘත හා සුහදශීලි පරිසරයක පැවති මෙම හමුව මඟින් Hearing Ambassador වරුන්ට තම අත්දැකීම් අවංකව බෙදාගැනීමට අවස්ථාව සැලසුණු අතර, Vision Care Hearing Solutions කණ්ඩායමටද ශ්‍රවණ සත්කාරය පිළිබඳ පාරිභෝගිකයන්ගේ අත්දැකීම් හා අවශ්‍යතා පිළිබඳ වටිනා අවබෝධයක් ලබාගැනීමට හැකි විය.

    වැඩසටහන යටතේ සෑම Hearing Ambassador වරයකු හටම විශේෂ ප්‍රතිලාභ  පත්‍රිකාවක් සහ ලෝයල්ටි කාඩ්පතක්ද පිරිනැමුණු අතර, ඒ හරහා ශ්‍රවණ සත්කාර සහ දෘෂ්ටි සත්කාර සේවා මෙන්ම තෝරාගත් vision care සහෝදර සමාගම්වල සේවා සඳහා විශේෂ ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමි වේ.

    මීට අමතරව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රවණ සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපනික සාකච්ඡා, තෝරාගත් ඩිජිටල් අන්තර්ගත වැඩසටහන් සහ නව ශ්‍රවණ තාක්ෂණයන් පිළිබඳ පූර්ව අත්හදා බැලීම් සඳහාද ශ්‍රවණ තානාපතිවරුන්ට සහභාගී වීමට අවස්ථාව සැලසේ.

    වඩාත් පුද්ගලානුබද්ධ වූ සහ රෝගියා කේන්ද්‍ර කරගත් ශ්‍රවණ සත්කාරයක් ලබාදීම සඳහා Vision Care Hearing Solutions දරන අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය.

    මෙම වැඩසටහනේ මූලික සංකල්පය වන්නේ “වඩාත්ම බලවත් පණිවිඩය ලැබෙන්නේ ලස්සනට සකස් කළ කතාවකින් නොව, සැබෑ අත්දැකීමකින්” යන්නයි.

    ශ්‍රවණාධාර උපකරණ භාවිත කරමින් තම ජීවිතය ජයගත් හා ජීවිතයේ මිහිර විදිමින් සිටිනා පුද්ගලයන්ගේ සැබෑ අත්දැකීම් හා අභියෝග ප්‍රජාව සමඟ හුවමාරු කරගනිමින්,ඒ හරහා ශ්‍රවණ අපහසුතා ඇති තවත් පුද්ගලයන්ට නිසි වෘත්තීය උපදෙස් හා අවශ්‍ය සහය ලබා දෙමින්, වඩා යහපත් ශ්‍රවණ අත්දැකීමක් කරා පියවර තැබීමට ඔවුන් දිරිගැන්වීම Vision Care Hearing Solutions හි අරමුණයි.