විදෙස් සංචිතය ටිකක් අඩුවෙයි

    October, 7, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,851ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙය 2026 අගෝස්තු මාසය අවසානයේ දී සටහන් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,929 ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1.1%ක පහළ යාමක් වේ.

    මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 6,607ක් දක්වා 1.6%කින් පහළ ගොස් තිබේ. 2026 අගෝස්තු මාසයේ දී විදේශ විනිමය සංචිතය සටහන් වූයේ ඩොලර් මිලියන 6,714ක් ලෙසිනි.

    තවද මහ බැංකු රන් සංචිතයේ වටිනාකම ද 2026 සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 210 සිට ඩොලර් මිලියන 198ක් දක්වා 6.1%කින් පහළ ගොස් ඇත.

    මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ කොන්දේසිවලට යටත් වේ.