කොටස් වෙළෙඳපොළ අදත් පහළට

    October, 7, 2026

    අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) දින පහළ ගියේය.

    අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 132.68ක් හෙවත් 0.64%ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒ අනුව ඒකක 20,517.55ක් ලෙසින් වාර්තා විය.

    S&P SL20 දර්ශකය ඒකක 27.88කින් දිනය තුළ පහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 5,816.40ක් ලෙසින් සටහන් වුණි.

    රු. බිලියන 1.96ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

    ආසන්නතම ගනුදෙනු දින 12 තුළ දී අවස්ථා දෙකක දී පමණක් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම් වාර්තා වී ඇති අතර පසුගිය සැප්තැම්බර් 07 දින සිට අද (07) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 1,117.48ක පහළ යාමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.