ආයෝජකයින්ට සැනසිලිදායක දිනයක්. ASPI ඒකක 175කින් ඉහළට

    October, 15, 2026

    අඛණ්ඩ දින 3ක දැවැන්ත පසුබැස්මකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට යම් අස්වැසිල්ලක් ලබා දෙමින් මිල දර්ශකවල ඉහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා විය.

    ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 175.09ක වර්ධනයක් අත්පත් කරගනිමින් ඒකක 19,971.15ක් දක්වා ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 22.59ක වර්ධනයක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,699.02ක් ලෙසින් සටහන් විය.

    අද දින රු. බිලියන 1.49ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.