October, 20, 2026
ප්රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය වන Renault, Associated Motorways (AMW) සමඟ එක්ව ශ්රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් යළි පිවිසෙයි. මෙම නැවත ආගමනය සනිටුහන් කරමින් Kwid, Triber සහ Kiger යන මාදිලි තුන හඳුන්වා දෙන අතර, ආකර්ෂණීය නිර්මාණකරණය, නවීන තාක්ෂණය සහ විශ්වාසදායක පාරිභෝගික සේවාව කෙරෙහි නව අවධානයක් යොමු කර ඇත.
කොළඹ Monarch Imperial හෝටලයේ පැවති අභිමානවත් එළිදැක්වීමේ උත්සවයට ශ්රී ලංකාවේ ප්රංශ තානාපති අතිගරු Rémi Lambert මහතා, Al-Futtaim Automotive හි Emerging & International අංශයේ උප සභාපති Antoine Barthez මහතා, AMW සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ජවහාර් ගනේෂ් මහතා, AMW අලෙවි අධ්යක්ෂ ප්රසන්න ද සිල්වා මහතා, Renault නිෂ්පාදන සැලසුම් අධ්යක්ෂ මැතියු බැරන් (Matthieu Baron) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
උත්සවය අමතමින් AMW සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ජවහාර් ගනේෂ් මහතා, Renault සන්නාමය යළි ශ්රී ලංකාවට හඳුන්වා දීමේ වැදගත්කම අවධාරණය කළේය. Renault සතු සුවිශේෂී නිර්මාණකරණය සහ වටිනාකම් පිරිනැමීම, නවීන තාක්ෂණය, පුළුල් අලෙවියෙන් පසු සේවා පහසුකම් සහ දිගුකාලීන පාරිභෝගික සත්කාරය සමඟ එක් කරමින් පාරිභෝගිකයන්ට වඩාත් පරිපූර්ණ හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීමට AMW කැපවී සිටින බව ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති අතිගරු රෙමී ලැම්බර්ට් (Rémi Lambert) මහතා, Renault සන්නාමයේ නැවත පැමිණීම පිළිගනිමින්, ප්රංශ ව්යාපාරික ආයතන දෙරට අතර වෙළෙඳ හා වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය අගය කළේය. ඇන්තනි බාර්තෙස් (Antoine Barthez) මහතා ද මෙම අවස්ථාවට එක්වෙමින් ශ්රී ලංකා වෙළෙඳපොළ තුළ Renault සන්නාමයේ නව ආරම්භයේ වැදගත්කම සනිටුහන් කළේය.
රුපියල් මිලියන 6.69 සිට මිල ගණන් සහිත මාදිලි හතක්
Renault නිෂ්පාදන සැලසුම් අධ්යක්ෂ මැතියු බැරන් මහතා සහ Renault අලෙවි ප්රධානී රාම් ගෝමතිනායගම් මහතා විසින් නව මාදිලි පෙළ හඳුන්වා දෙන ලදී. එයට ප්රභේද හතක් ඇතුළත් වන අතර, අදාළ මිල ගණන් වැට් බද්ද ද ඇතුළත්ව පහත පරිදි වේ.
Renault Kwid මාදිලිය ජාත්යන්තර වෙළෙඳපොළ රැසක සාර්ථකත්වය අත්කරගෙන ඇති අතර, වෙළෙඳපොළ 15කට අධික සංඛ්යාවක අලෙවි කර ඇති ඒකක සංඛ්යාව මිලියනය ඉක්මවයි. ඉන් ඒකක 5,000කට වැඩි ප්රමාණයක් ශ්රී ලංකාවේ අලෙවි වී ඇත.
පවුලේ අවශ්යතාවලට ගැළපෙන ඉඩකඩ සහ ප්රායෝගිකත්වය සමඟින් Renault Triber ලොව පුරා ඒකක 200,000කට අධික අලෙවියක් වාර්තා කර තිබේ. SUV මාදිලිවලට ආවේණික නිර්භීත පෙනුම සහ මාර්ගයේ කැපී පෙනෙන අනන්යතාව සමඟින් Renault Kiger ද ලොව පුරා ඒකක 100,000 කට අධික අලෙවියක් අත්කරගෙන ඇත.
හඳුන්වා දුන් ප්රභේද හතෙන් හයක්ම වහාම ලබාගත හැකි අතර, පාරිභෝගිකයන්ට තමන් කැමති මාදිලිය කඩිනමින් හිමිකර ගැනීමේ අවස්ථාව සැලසේ.
විශ්වාසයෙන් පිරි Renault හිමිකාරීත්ව අත්දැකීමක්
Renault සන්නාමයේ නැවත පැමිණීමත් සමඟ පාරිභෝගිකයන්ට වඩාත් වටිනා සහ විශ්වාසදායක හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීමට AMW සිය කැපවීම යළි තහවුරු කරයි. ඒ යටතේ වසර 3ක් හෝ කිලෝමීටර් 100,000ක් යන සීමාවන් දෙකෙන් පළමුව එළඹෙන සීමාව දක්වා, වාහනයේ සියලු ප්රධාන කොටස් ආවරණය වන නිෂ්පාදක වගකීමක්, කැපවූ අලෙවියෙන් පසු සේවා සහ හඳුන්වාදීමේ කාලසීමාව තුළ දීර්ඝ කළ වගකීම් ප්රතිලාභ ඇතුළු විශේෂ පහසුකම් රැසක් පිරිනමනු ලැබේ.
AMW අලෙවි අධ්යක්ෂ ප්රසන්න ද සිල්වා මහතා මෙසේ පැවසීය, “Renault සන්නාමය යළි ශ්රී ලංකාවට ගෙන ඒම යනු වාහනයක් අලෙවි කිරීමෙන් පමණක් අවසන් වන කාර්යයක් නොවේ. පාරිභෝගිකයා වාහනය මිලදී ගන්නා අවස්ථාවෙන් ඔබ්බට ගිය පූර්ණ හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීම අපගේ වගකීමයි. වගකීම් ආවරණය, විශ්වාසදායක අලෙවියෙන් පසු සේවා සහ පාරිභෝගික අවශ්යතා කෙරෙහි අවධානය යොමු කළ සේවාවක් තුළින්, Renault හිමිකරුවන්ට තම ගමනේ සෑම අදියරකදීම විශ්වාසයෙන් ඉදිරියට යාමට අවශ්ය සහතිකය ලබා දීම අපගේ අරමුණයි.”
මෙම උත්සවයේදී Renault වාහනවල පළමු පාරිභෝගික භාරදීම් ද සිදු කෙරිණි. නිශාන්ත අමරතුංග මහතා සහ පවුලේ සාමාජිකයන්ටත්, M. ශ්රී නාගේන්ද්රන් මහතා සහ පවුලේ සාමාජිකයන්ටත් Renault Triber වාහන භාර දෙන ලදී. පළමු Renault Kiger රථය තුෂාර ජයවර්ධන මහතා සහ පවුලේ සාමාජිකයන් වෙත පිරිනැමුණු අතර, පළමු Renault Kwid රථය දන්ජය මහතා සහ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙන ලදී.
AMW සමඟ Renault අත්දැකීම විඳින්න
නව Renault මාදිලි පෙළ සියැසින් දැක බලා ගැනීමටත්, පරීක්ෂණ ධාවන සඳහා වෙන් කරවා ගැනීමටත් පාරිභෝගිකයන්ට පහත ස්ථාන වෙත පැමිණිය හැකිය.
වාහන මාදිලි, මිල ගණන්, ලබාගත හැකි බව සහ හිමිකාරීත්ව ප්රතිලාභ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.renault.lk වෙත පිවිසෙන්න, නැතහොත් 0117 609 609 අමතන්න.
1898 වසරේ ප්රංශයේ ආරම්භ කරන ලද Renault සන්නාමය, වසර 125කට අධික මෝටර් රථ නිෂ්පාදන උරුමයක් සමඟ ශ්රී ලංකාවට නැවත පැමිණ තිබේ. මෙම ජාත්යන්තර උරුමය, AMW සතු දේශීය මෝටර් රථ ක්ෂේත්රයේ පළපුරුද්ද සහ පාරිභෝගික සේවා විශේෂඥතාව සමඟ එක්වීම, ශ්රී ලාංකික පාරිභෝගිකයන්ට නව වටිනාකමක් එක් කරනු ඇත.
AMW සමඟ Renault යළි ශ්රී ලංකාවට. නව ගමනක ඇරඹුම මෙයයි.
Video Story