October, 20, 2026
HSBC Electronic Data Processing ලංකා (පුද්ගලික) සමාගම (HDPL), ඉහළ යන පිරිවැය සහ මෙහෙයුම් ව්යාප්ත කිරීමේ සීමාවන් හේතුවෙන් ශ්රී ලංකාවේ පවත්වාගෙන යන සිය ගෝලීය සේවා මධ්යස්ථානය වසා දැමීමට තීරණය කර ඇත. HSBC බැංකුව මෙම වසර ආරම්භයේ දී ශ්රී ලංකාවේ පුද්ගලික බැංකුකරණ (retail banking) ව්යාපාරයෙන් ඉවත් වීමෙන් පසුව ගත් තවත් තීරණාත්මක පියවරක් ලෙස මෙය දැක්විය හැකිය.
HDPL සිය මෙහෙයුම් 2004 අප්රේල් මාසයේදී කොළඹ 01 ලෝක වෙළඳ මධ්යස්ථානයෙන් ආරම්භ කරන ලදී. ඉන්පසුව 2005 වසරේදී රාජගිරියටත්, 2022 වසරේදී යූනියන් පෙදෙසටත් මාරු වූ අතර, 2023 වසරේදී කොළඹ 05 Mireka Tower හි දැනට පවතින කාර්යාලය විවෘත කරන ලදී.
ආරම්භයේදී එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ බැංකු මෙහෙයුම් සඳහා සහය දැක්වූ HDPL, පසුව උතුරු ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියා-පැසිෆික් කලාපයේ වෙළඳපොළ 24 ක පාරිභෝගිකයින්ට සේවා සපයන පූර්ණ ව්යාපාරික සේවා මධ්යස්ථානයක් බවට පත්විය. 2023 වසරේදී HSBC ගෝලීය සේවා මධ්යස්ථාන මගින් ගනුදෙනු මිලියන 460 ක් පමණ සිදුකර ඇති අතර, ඉන් ගනුදෙනු මිලියන 13 කට අධික ප්රමාණයක් ශ්රී ලංකා මධ්යස්ථානය මගින් සිදුකර ඇත.
HDPL හි මිරෙකා ටවර් කාර්යාලයේ පැවැති සේවක හමුවකදී, ශ්රී ලංකාවේ මෙහෙයුම් පිළිබඳ තීරණය ඔක්තෝබර් මාසයේදී දැනුම් දෙන බව අගෝස්තු මාසයේදී පළමුවෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔක්තෝබර් 07 වන දින සේවකයින්ට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ, 2027 වසරේ අග භාගය දක්වා අදියර හතරක් යටතේ මෙහෙයුම් වසා දමනු ලබයි බවයි. අදාළ අදියර පහත පරිදි වේ.
මෙම නිල දැනුම්දීමට පෙර සිටම, විවිධ කාර්යයන් වෙනත් සේවා මධ්යස්ථාන වෙත ගෙන යාමත් සමඟ HDPL සේවක සංඛ්යාව අඩු කරමින් පැවතුණි. දැනට පවතින මෙහෙයුම් ඉන්දියාව, මැදපෙරදිග සහ පිලිපීනය යන රටවල පිහිටි සේවා මධ්යස්ථාන වෙත ගෙන යනු ඇත.
මෙම තීරණය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා 'X' පණිවුඩයක් තබමින් අනතුරු අඟවන්නේ, 2027 දෙසැම්බර් මස අවසන් වීමට නියමිත මෙම ඉවත් වීම නිසා රටට සෘජු රැකියා 3,000 ක් සහ වක්ර රැකියා 500 ක් අහිමි වී යන බව සඳහන් කරමිනි.
Video Story