ශ්‍රීලංකන් ගුවන් සේවය 2026 වෙළඳ සේවා පිහිනුම් තරඟාවලියේ සමස්ත ශූරතාව දිනා ගනී

    October, 21, 2026

    පසුගිය දා පැවති 2026 වෙළඳ සේවා පිහිනුම් තරඟාවලියේදී විශිෂ්ඨ දස්කම් පෙන්නුම් කරමින් තරඟාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. ශ්‍රීලංකන් ගුවන් සේවය නියෝජනය කළ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගේ කුසලතාව, කණ්ඩායම් හැඟීම සහ කැපවීම මත පදනම්ව ප්‍රසාද ලකුණු 582 ක් ලබා ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ප්‍රථම ස්ථානය තහවුරු කර ගන්නා ලදී.

    දශක දෙකකට ආසන්න කාලයකට පසුව මෙම ශූරතාව දිනා ගැනීමට ගුවන් සේවයට හැකි වූ අතර, ඒ සඳහා තරඟාවලියේදී ශ්‍රීලංකන් ගුවන් සේවය නියෝජනය කළ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය උපරිම දක්ෂතා දැක්වූහ.

    මෙම විශිෂ්ට ජයග්‍රහණයට අමතරව නවක - පිරිමි සමස්ත ශූරතාව, නවක - කාන්තා සමස්ත ශූරතාව හා  පිරිමි සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය.