October, 21, 2026
Siemens Healthineers හි Deep Resolve AI තාක්ෂණයෙන් සමන්විත ශ්රී ලංකාවේ පළමු MRI යන්ත්රය තලවතුගොඩ හේමාස් හොස්පිටල්ස් වෙතින් හඳුන්වා දෙයි. Siemens Healthineers MAGNETOM Sola 1.5T MRI පද්ධතිය හඳුන්වා දීමත් සමඟ මෙරට රෝග විනිශ්චය රූපණය (Diagnostic Imaging) ක්ෂේත්රයේ නව ජාතික ප්රමිතියක් ස්ථාපිත වෙයි. මෙරට මීට පෙර ලබා ගත නොහැකි වූ උසස් තාක්ෂණික හැකියාවන් ශ්රී ලාංකික රෝගීන් වෙත සමීප කරමින්, මෙරට සෞඛ්යය සේවාවේ ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමේ වැදගත් පියවරක් මේ තුළින් සනිටුහන් කරයි.
මෙමගින් ඉහළ වෛද්ය රූපකරණ, වේගවත් බව සහ රෝගියාගේ පහසුව එක් වූ නවතම අත්දැකීමක් ප්රථම වතාවට මෙරට ජනතාවට ලබා දෙයි. මෙය සාමාන්ය MRI යන්ත්රයක භාවිතයට අමතරව නවීන වෛද්ය රූපකරණ ක්ෂේත්රයේ ඉදිරියෙන්ම පවතින තාක්ෂණික හැකියාවන් වෙත ප්රවේශ වීමේ අවස්ථාව ශ්රී ලාංකික රෝගීන්ට හිමිකර දෙයි.
නවීන වෛද්ය තාක්ෂණය, සායනික ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සහ සෞඛ්යය යටිතල පහසුකම් වෙනුවෙන් සිදුකරන මෙම ආයෝජන මගින් හේමාස් හොස්පිටල් සතු වෛද්ය සේවා ප්රමිතීන් ඉහළ නැංවීමේ කැපවීම තහවුරු කරයි.
MRI පරීක්ෂණයක දී භාවිත කරන යන්ත්රයේ දියුණුව, ලබා ගන්නා ඡායාරූපවල පැහැදිලිබව, පරීක්ෂණය සඳහා ගතවන කාලය, රෝගියාගේ පහසුව මෙන්ම සමස්ත පරීක්ෂණයේ ආරක්ෂාව කෙරෙහි බලපායි.
Siemens Healthineers හි MAGNETOM Sola MRI යන්ත්රය මගින් ලෝකයේ නවතම MRI තාක්ෂණය ලංකාවට හදුන්වාදීම සමග එහි ඇති Deep Resolve කෘතිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් ඉතා කෙටි කාලයකින් පැහැදිලි ඡායාරූප ලබාගත හැකිවේ.
Siemens Healthineers සමාගමට අනුව, Deep Resolve තාක්ෂණය මගින් සිදුකරන මොළයේ පරීක්ෂණයක් සඳහා ගතවන්නේ සාමාන්ය පරීක්ෂණයකට ගතවන කාලයෙන් අඩක් වන අතර එහි රූප පැහැදිලිබව දෙගුණයකින් ඉහළ අගයක් ගනී. ඒ හේතුවෙන් ශ්රී ලාංකික රෝගීන්ට මීට පෙර මෙරටින් ලබාගැනීමට නොහැකි වූ උසස්ම මට්ටමේ පරීක්ෂණ පහසුකම් ලබාගැනීමට මෙයින් අවස්ථාව හිමිවේ.
තවද මෙම තාක්ෂණයේ ප්රතිඵල පරීක්ෂණය අතරතුරදීම රෝගීන්ට අත්විඳිය හැක. පරීක්ෂණ කාලය කෙටි වීම නිසා MRI යන්ත්රය තුළ ගතකිරීමට සිදුවන කාලය අඩු වන අතර, එමඟින් සංවෘත ස්ථාන කෙරෙහි බියක් දැක්වෙන හෝ විවිධ සෞඛ්යය තත්ත්වයන් ඇති රෝගීන්ට, වැඩිහිටියන්ට, කුඩා දරුවන්ට සහ එකම ඉරියව්වක වැඩි වේලාවක් සිටීමට අපහසු රෝගීන්ට ඉතා පහසුවෙන් මෙම පරීක්ෂණය සිදුකර ගත හැක. උදාහරණයක් ලෙස, සම්පූර්ණ දණහිස් පරීක්ෂණයක් (Knee examination) මිනිත්තු 3ක් වැනි කෙටි කාලයක දී සිදුකළ හැකි අතර, පිත්තාශ ආශ්රිත ඇතැම් පරීක්ෂණ තත්පර 13ක වැනි කෙටි කාලයකදී අවසන් කළ හැක.
මීට අමතරව, සංකීර්ණ හෘද MRI (Advanced Cardiac MRI) වැනි නූතන පරීක්ෂණ සඳහා ද මෙම පද්ධතිය සහාය දැක්වීම හේතුවෙන් තලවතුගොඩ හේමාස් රෝහලේ රෝග විනිශ්චය ක්ෂේත්රයේ සේවාවන් තවත් පුළුල් වේ. මෙම හඳුන්වාදීමත් සමඟින්, ශ්රී ලංකාවේ MRI පරීක්ෂණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සහ රෝගී අත්දැකීම නවතම උසස් ප්රමිතියකට ගෙන යාමට හේමාස් හොස්පිටල්ස් සමත්ව ඇත.
මෙම ආයෝජනයේ වටිනාකම රෝග පරීක්ෂණවලට විතරක් සීමා නොවේ. ජාත්යන්තරව ප්රමුඛ පෙළේ සෞඛ්යය ආයතනවලින් ලබාගත හැකි නූතන සෞඛ්යය තාක්ෂණයන් සහ පහසුකම් ශ්රී ලාංකික රෝගීන්ට ද නොඅඩුව ලබාදීමේ හේමාස් හොස්පිටල්ස් හි පුළුල් අරමුණ මින් පැහැදිලි වේ. නවතම වෛද්ය විද්යාත්මක දියුණුව සහ ප්රතිකාර සොයා ශ්රී ලාංකිකයන්ට විදේශගත වීමට පිළියමක් ලෙස ලෝක මට්ටමේ පහසුකම් ශ්රී ලංකාව තුළදීම ලබාදීමට හේමාස් හොස්පිටල්ස් මෙලෙස ආයෝජනය කරයි. තලවතුගොඩ හේමාස් රෝහලට එක්වූ මෙම නව MRI යන්ත්රය, එම ඉදිරි ගමනේ සුවිශේෂී පියවරකි.
හේමාස් හොස්පිටල්ස් සහ ඩයග්නොස්ටික්ස් ජාලයේ කළමනාකාර අධ්යක්ෂ, ආචාර්ය ලකිත් පීරිස් මහතා, “මෙය හේමාස් රෝහල් ජාලයට පමණක් නොව සමස්ත ශ්රී ලංකාවේම සෞඛ්යය ක්ෂේත්රයට ලැබුණු සුවිශේෂී දියුණුවකි. මීට පෙර මෙරටින් ලබාගැනීමට නොහැකි වූ උසස්ම මට්ටමේ තාක්ෂණික පහසුකම් රට තුළට ගෙන ඒමටත්, නූතන රෝග විනිශ්චය ක්ෂේත්රයේ ඉහළම තාක්ෂණික පහසුකම් අපගේ රෝගීන්ට අත්විඳීමට සැලැස්වීමටත් අපට හැකි වී තිබෙනවා. අපගේ ප්රධාන අරමුණ වන්නේ ජාත්යන්තරව ප්රමුඛ පෙළේ ආයතනවලින් ලබාගත හැකි නූතන සෞඛ්යය තාක්ෂණයන් සහ සායනික පහසුකම් ශ්රී ලාංකික රෝගීන්ටත් නොඅඩුව ලබාදීමයි. ගෝලීය මට්ටමේ උසස් සෞඛ්යය සේවාවන් සහ හොඳම වෛද්ය ක්රමවේදයන් ලබාගැනීම වෙනුවෙන් ශ්රී ලාංකිකයන්ට විදේශගත වීමට අවශ්යතාවයක් ඇති නොවිය යුතුයි. මෙම MRI යන්ත්රය ස්ථාපනය කිරීම වැදගත් පියවරක් වන අතර, එය හේමාස් හොස්පිටල්ස් හි දීර්ඝකාලීන ගමනේ අලුත් ආරම්භයක් ද වෙනවා. අපගේ මීළඟ වර්ධන අදියරට පා තබද්දී, මෙරට සෞඛ්යය සේවා ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමටත්, සෞඛ්යය සම්පන්න ශ්රී ලංකාවක් වෙනුවෙන් දායක වීමටත් තාක්ෂණය, යටිතල පහසුකම් සහ සායනික හැකියාවන් වෙනුවෙන් කෙරෙන ආයෝජනයන් අප අඛණ්ඩව සිදුකරනු ලබනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.
වැඩිදුරටත් අදහස් දක්වමින්, හේමාස් හොස්පිටල් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ/සාමාන්යාධිකාරී, ආචාර්ය ප්රදීප් එඩ්වඩ් මහතා මෙලෙස අදහස් දැක්වීය“මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ යන්ත්රය මගින් රෝගියාට ලබා දෙන සැබෑ සහනයයි. අතිශය උසස් මට්ටමේ පරිලෝකන ඡායාරූපකරණය, වේගවත් පරීක්ෂණ සහ වඩාත් පහසු අත්දැකීමක් එකට එක්කර ලබාදීමට මෙමඟින් අපට හැකියාව ලැබෙනවා. තලවතුගොඩ හේමාස් රෝහලෙන් MRI පරීක්ෂණයක් කරගන්නා රෝගීන්ට, මීට පෙර ශ්රී ලංකාවේ අත්විඳීමට නොලැබුණු නූතන තාක්ෂණික ප්රමිතියක් අත්විඳීමට මෙයින් අවස්ථාව හිමිවෙනවා. විශිෂ්ට සායනික සේවාව සහ දැනට පවතින නූතනම තාක්ෂණය එකට එකතු කරමින් රෝගීන්ට විශිෂ්ටතම සෞඛ්යය සේවාවක් ලබාදීම අපගේ අරමුණයි” ලෙස පැවසීය.
හේමාස් හොස්පිටල්හි අරමුණ වන ගෝලීය සෞඛ්යය ක්ෂේත්රයේ නව මාවත් සලකුණු කරන උසස්ම ප්රමිතීන්, සේවා හැකියාවන් සහ තාක්ෂණයන් ශ්රී ලාංකික රෝගීන්ට සමීප කරවීම මෙම ආයෝජන මගින් තහවුරු වේ. Siemens Healthineers MAGNETOM Sola 1.5T MRI තාක්ෂණික පහසුකම දැන් තලවතුගොඩ හේමාස් රෝහලෙන් ලබාගත හැක.
වැඩිදුර තොරතුරු සඳහා 0776638942 අංකය අමතන්න.
Video Story