කොටස් වෙළෙඳපොළ ඒකක 209කින් පහළට

    October, 22, 2026

    මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (22) දිනයේ දී වාර්තා විය.

    අද දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 209.38ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 19,717.92ක් ලෙසින් සටහන්ව තිබුණි.

    දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 38.43කින් පහළ ගොස් ඒකක 5,618.48ක් ලෙසින් දැක්වුණි.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.10ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙම සතිය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ අඛණ්ඩ පහළ යාමක් වාර්තා වී තිබෙන අතර එහිදී,

    ඔකතෝබර් 19 සඳුදා - ඒකක 125.63කින්

    ඔක්තෝබර් 20 අඟහරුවාදා - ඒකක 75.64කින්

    ඔක්තෝබර් 21 බදාදා - ඒකක 56.48ක් සහ

    අද (22) දිනයේ දී ඒකක 209.38ක් ලෙසින්,

    මෙම සතියේ ඒකක 467.13ක පහළ යාමක් මේ දක්වා වාර්තා වී ඇත.

    එමෙන්ම සතිය ආරම්භයේ දී රු. බිලියන 7,293.27 ක් ලෙසින් සටහන්ව තිබූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අද (22) දින ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 7,123.23 ක් දක්වා අඩු වී ඇත.

    එනම් මෙම සතිය තුළ දී පමණක් රු. බිලියන 170.04ක් කොටස් වෙළෙඳපොළට අහිමි වී තිබේ.