විවාහ මංගල්‍යය අසිරිය දැන් BMICHහිදීත්…

    October, 25, 2016

    BMICH ආයතනයේ විශිෂ්ට වාස්තු නිර්මාණ හුරුවත්, දැවැන්ත ගෙවතු පරිසරයත් නිසා එය ව්‍යාපාරික උත්සව, ප්‍රදර්ශන, සම්මේලන හා වෙනත් විශේෂ උත්සව සඳහා ප්‍රසිද්ධව පැවතිය ද දශකයකට පමණ පසු පළමු වරට මංගලෝත්සවයක් පැවැත්වීමට BMICH පසුගියදා කටයුතු කර තිබුණි.

    එම විවාහ මංගලෝත්සවය BMICH සතු සුවිශේෂී උත්සව පරිසරය හා විශාලත්වය කදිමට ප්‍රයෝජනයට ගත් අතර එහි ආරාධිතයන්ගේ ලැයිස්තුව 2000කට වැඩි විය. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සූදානම් කරන ලද පුළුල් උත්සව ශාලාවකදී මනාල යුවල විසින් ආරාධිතයන් පිළිගැනුණු අතර උත්සව ශාලාව මනාව සරසා තිබුණි. මනාලියගේ සුවඳවත් මල් කළඹ ද ආදරය හා ප්‍රේමය හඟවන මල්වලින් සමන්විත විය.

    BMICH හි නිල ආහාර පාන සැපයුම්කරු වන ගල්කිස්ස මහ හෝටලයෙන් මෙම මංගලෝත්සවයට ආහාර පාන සැපයුණි. එම නිසා තරු පහේ සත්කාරක සේවයක් ද මංගලෝත්සවයට එක්ව තිබුණි.

    “අපගේ විවාහ මංගලෝත්සවය සඳහා BMICH ‍පරිශ්‍රය තෝරාගන්නට අපි කල්පනා කළේ, මීට පෙර එහි විවාහ මංගල්‍ය පවත්වා තිබෙන බව ගැන අවබෝධයකින් නම් නොවේ. අපට අවශ්‍ය වුණේ අපේ ජීවිතයේ සුවිශේෂීම දවස සරසවන්න පුළුවන් ඊට අලංකාරයක් එකතු කරන්න පුළුවන් තැනක් ඒ සඳහා තෝරගන්නයි” යනුවෙන් මනාල මහත්මයා පැවසීය.

    මේ තුළ අනාගත මනාල යුවලවලටද ලෝක ප්‍රසිද්ධියට පත් ස්ථානයක තම මංගලෝත්සවය පැවැත්වීමට කදිම පසුබිමක් නිර්මාණය කරදී තිබේ.
    අතිශය සිත් ගන්නා සුලු හා වෙනස්කම් සිදුකළ හැකි ශාලා පහසුකම් සපයන BMICH ආයතනය ඕනෑම ආකාරයේ උත්සව ශාලා පහසුකමක් සම්පාදනය කිරීමට සමත් ය. සුහද රාත්‍රී ආහාර උත්සවයක සිට උත්කර්ෂවත් උත්සවයක්, ව්‍යාපාරික සමුළුවක් මෙන්ම විවාහ මංගලෝත්සවයක් කරා පැතිරුණු සේවාවක් එය සතු ය. සියලු උත්සව ශාලා නැවත නම් කරන ලදුව සැබවින්ම විශේෂ අත්දැකීමක් ලබාදෙන්නට හැකි ලෙස ඉදිරිපත් කර තිබේ.

    මෙම වසරේදී ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැති Century International Quality ERA Award හිදී රන් සම්මානයක් දිනාගැනීමට පවා BMICH ආයතනය සමත්විය.