November, 18, 2016
ලෝක ශ්‍රේණිගතකරණයේ 45 වැනි ස්ථානය
ජීවිත රක්ෂණ නවෝත්පාදනයේ පෙරගමන්කරු Softlogic Life සමාගම තම 2015 වර්ෂයේ සමාගම් වාර්ෂික වාර්තාව සඳහා 2016 Spotlight සම්මාන උළෙලෙහිදී රන් සම්මායක් දිනා ගැනීමට සමත් විය. විවිධ ව්‍යාපාරික ක්ෂේත්රයන් නියෝජනය කරන ගෝලීය පිළිගැනීමක් සහිත සමාගම්වල වාර්ෂික (සමාගම්) වාර්තා ඇගයීමට ලක් කිරීම සඳහා ඇමරිකානු සන්නිවේදන වෘත්තිකයින් ගේ සම්මේලනය ^ LACP& විසින් වාර්ෂිකව සංවිධානය කරන ීචදඑකසටයඑ සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබයි. මෙවර සම්මාන සඳහා සලකා බැලූ ආයතන රාශියක් වාර්ෂික වාර්තා තුළින් කොටස් හිමියන් සඳහා සිදු කෙරෙන සන්නිවේදන, මූල්‍ය වාර්තාකරණය සහ සන්නිවේදන තේමාව යන මූලිකාංග බහුවිධ විනිශ්චය ක්‍රමවේද යටතේ ඇගයීමට ලක් විය. LACP විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල සමාගම්වල වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කරන ලෝකයේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර ලෝකයේ විවිධ කලාපයන්හි ක්‍රියාත්මක වන සමාගම් මෙම සම්මාන සඳහා අයදුම් කරයි.
දැඩි ඇගයීම් ක්‍රියාවලියක් තුළින් වාර්ෂික වාර්තාවන් සඳහා සම්මාන ප්රදානය කරන සම්මාන උළෙලක් ලෙස LACP Spotlight සම්මාන උළෙල කීර්තියක් දිනා සිටී. එමෙන්ම මෙහිදී සම්මාන සඳහා අයදුම්කරන සමාගම්වල වාර්ෂික වාර්තා සන්නිවේදනය, ව්‍යාපාරික තොරතුරු, සහ ව්‍යාපාරික මෙහෙයුම් යන අංශ තුන යටතේ පූර්ණ විශ්ලේෂණයක් සිදුකෙරේ. ‘Winnovate’, ලෙස නම් කළ Softlogic Life හි වාර්ෂික වාර්තාව තුළින් ඉදිරිපත් වූ අදහස්වල නිරවුල් බව, සන්නිවේදනය කරන මූලික තොරතුරුවල විශිෂ්ටත්වය, සන්නිවේදනය කරන තොරතුරුවල නිර්මාණශීලී ඉදිරිපත් කිරීම සහ අදාලත්වය යන ගුණාංගයන් Softlogic Life රන් සම්මානයෙන් පිදුම් ලැබීමට මූලික වශයෙන් දායක විය. බොහෝ අත්දැකීම් ඇති නව සංකල්ප ඉදිරිපත් කරමින් වේගවත් ව්‍යාපාරික ගමන් මගකට අවතිර්ණ වී සිටින ජීවිත රක්ෂණ සමාගම් අතර ප්‍රමුඛයා වන Softlogic Life සමාගම තම නිර්මාණශීලී තේමාව ඉදිරිපත් කර ඇති ආකාරය මෙම සම්මාන උළෙලෙහිදී ගෝලීය වශයෙන් ඇගයීමට ලක් විය. Softlogic Life නව ආයතනික අනන්‍යතාව සහ ආයතනික මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙහි නිර්මාණ කටයුතු Emagewise පුද්ගලික සමාගම විසින් සිදු කරන ලදි.