November, 22, 2016
ඩෙංගු මේ වන විට වසංගත රෝග තත්වයක් බවට පත් වී තිබේ. මෙම වසරේ පසුගිය මාස 10 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් යයි සැකකෙරෙන 38,000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. මෙම වසර තුලදී ශී‍්‍ර ලංකාවේ නාගරික ප්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් 30 කට වැඩි ප්‍රමාණයකට ඩෙංගු නිසා තම ජීවිතය අහිමි වී තිබේ. විශේෂයෙන්ම දරුවන් සහ යෞවනයන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වීමට ප්‍රධාන හේතුව බවට ඩෙංගු පත් වී ඇත. මෙම තත්වය අනුව ඩෙංගු දැන් මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක සිට සමාජ ගැටළුවක් දක්වා පරිණාමය වී තිබේ. නමුත් තමාට හෝ තම පවුලේ අයෙකුට ඩෙංගු වැලඳෙන තුරු මෙරට ජනතාව එයින් වැලකී සිටීමට කිසිදු ආරක්ෂක පියවරක් නොගැනීම කණගාටුවට කරුණකි.
ප්‍රමාද වැඩි වීමට පෙර, තම යුතුකම් කොටස ඉටු කිරීමට ඔබට මතක් වෙයිද?
Books of Hope යනු කොළඹ මහ නගර සභාව විසින් ඩෙංගු වලක්වා ගැනීම සදහා ආරම්භ කළ සංවේදී මානුෂික වැඩසටහනයි. ඩෙංගු රෝගීන්ගේ සත්‍ය සංවේදී කථා ඇතුලත් පොත් පාඨකයන්ට ඩෙංගු රෝගය පිළිබදව බලවත් පණිවුඩයක් ලබාදෙනු ඇත. ශී‍්‍ර ලාංකිකයන් පොත පත සමීපව ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වන නිසා ජාතික සාහිත්‍ය මාසය ආරම්භයේ තවද ලෝක ළමා සහ වැඩිහිටි දිනයට සමගාමීව ඔක්තෝබර් 1 වන දා මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ කරන ලදී.
වැඩසටහන ආරම්භ කළ කාලය සහ එයින් සංන්නිවේදනය වූ පණිවුඩය සමඟින් සමාජයට වැඩදායී සමාජ සත්කාරක වැඩසටහනක් Books of Hope හරහා නිර්මාණය කිරීමට හැකිවිය.
https://www.youtube.com/watch?v=rXM5Sbo49A4