December, 14, 2016
ඊ-විස් සමුහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන කැඩ් සෙන්ටර් ලංකා පුද්ගලික සමාගම වසර 15 කට අසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර ඉංජිනේරු ක්ෂේත්රයට අදාල වන වෘත්තීය මෘදුකාංග පුහුණු කටයුතු සිදු කරන ආයතනයකි. මෙහිදී අන්තර්ජාතික සැලසුම් මෘදුකාංග (CADD Software) සහ ව්‍යාපෘති කළමනාකරණ මෘදුකාංග (Project Planning and Management Software ) නිෂ්පාදනය කරන සමාගම් වන Autodesk, Dassault Systems, Bentley, PTC, Cadence, Oracle වැනි ආයතන වල අවසරලත් පුහුණු පාඨමාලා (Vendor recognized trainings) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම විශේෂ කරුණකි.
කැඩ් සෙන්ටර් ලංකා පුද්ගලික සමාගම යනු කැඩ් සෙන්ටර් ග්ලෝබල් (CADD Centre Global) සමාගමෙහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන හවුල්කාර නියෝජිත ආයතනයයි. කැඩ් සෙන්ටර් ග්ලෝබල් යනු 1986 වර්ෂයේ ආරම්භ වූ ඉන්දියාවේ චෙන්නායි නුවර කේන්ද්‍ර කරගත් ආසියාවේ විශාලතම පරිගණක සැලසුම් ශිල්පී සහ ව්‍යාපෘති සැලසුම් සහ කළමනාකරණ පුහුණු කිරීමේ ආයතනයයි. මෙහිදී කැඩ් සෙන්ටර් ග්ලෝබල් මගින් අන්තර්ජාතික සැලසුම් මෘදුකාංග (CADD Software) සහ ව්‍යාපෘති කළමනාකරණ මෘදුකාංග (Project Planning and Management Software ) නිෂ්පාදනය කරන සමාගම් වන Autodesk, Dassault Systems, Bentley, PTC, Cadence, Oracle වැනි ආයතන වල අවසරලත් පුහුණු පාඨමාලා (Vendor recognized trainings) වසර 25 කට අධික කාලයක් තිස්සේ රටවල් 25කට අධික රටවල් ප්‍රමාණයක සිය 500කට අධික නියෝජිත ආයතන ජාලය ඔස්සේ ක්‍රියාත්මක කරවීමද කැපී පෙනෙන කාරණාවකි.
2016 වසර වන විට සිය 14 වැනි සංවත්සරයට පානගන ලද කැඩ් සෙන්ටර් ලංකා පුද්ගලික සමාගම සෑම වසරක් පාසා ප්රගතියෙහි වර්ධනයක් පවත්වා ගනිමින් වසර 15කට ආසන්න දීර්ඝ කාලයක් අධ්‍යාපන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමෙන් ලද අත්දැකීම් රාශියක් සමගින් වඩාත් සාර්ථකව ඉදිරියට යාමේ සැලසුම් සහ ඉතාමන් වැදගත් ආයතනික සංධිස්ථාන කිහිපයක් පසු කරන ලදී. එහිදී කැඩ් සෙන්ටර් ග්ලෝබල් එනම් අප හවුල්කාර ආයතනයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන හවුල්කාර නියෝජිත ආයතනය එනම් මාස්ටර් ෆ්රෑන්චයිස් (Master Franchisee) තත්වයත්, කැඩ් සෙන්ටර් ආයතනය පිහිටුවා ඇති රටවල් 25ක 500 කට අධික ශාඛා සමුහය අතුරින් විශිෂ්ටතම ආයතනය ලෙස ගෝල්ඩ් පාට්නර් (Gold Partner) තත්වය සාක්ෂාත් කරගැනීමට ලැබීම ප්‍රධානකොට දක්වාලිය හැකිය. මෙකී මාස්ටර් ෆ්රෑන්චයිස් (Master Franchisee) තත්වය අප ආයතනය අත්පත් කරගැනීම නිසාවෙන් දැනට අප ආයතනය සතු වන කොළඹ, මහනුවර, කුරුණෑගල, යාපනය ශාඛා ජාලයට අමතරව ශ්‍රී ලංකාව පුරා දීපව්‍යාප්තව කැඩ් සෙන්ටර් ශාඛා ජාලයෙහි වර්ධනය අපේක්ෂා කෙරේ මේ අනුව මේ වන විට කොළඹ, මාලඹේ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල, මඩකලපුව, බණ්ඩාරවෙල අනුරාධපුර, පොලොන්නරුව සහ යාපනය නගර කේන්ද්‍ර කරගෙන නව ශාඛා ආරම්භ කිරීමට සියලු කටයුතු සම්පාදනය කොට ඇත.
මෙහිදී කැඩ් සෙන්ටර් ලංකා හි ශාඛා ජාලයෙහි වර්ධනයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් කැඩ් සෙන්ටර් ලංකා පුද්ගලික සමාගමේ නවතම ශාඛාව සහ නවතම ප්‍රධාන කාර්යාලය හෙවත් සෙන්ටර් ෆෝ ඩිසයින් එක්ස්ල්න්ස් "Centre for Design Excellence ", මහල් හතරක නවීන දේශන ශාලා සහ පරිඝනක විද්‍යාගාර වලින් අනුන වූ අංගසම්පූර්ණ ආයතනයක් ලෙසින් අංක 436 බී, කඩුවෙල පාර, පිට්ටුගල, මාලබේ යන ස්ථානයේදී. 2016 දෙසැම්බර් 09 වෙනි සිකුරාදා දිනයේදී විවෘත වේ.
තවද කැඩ් සෙන්ටර් ලංකා ආයතනය යනු ශ්‍රී ලංකා තෘතිය වෘත්තිය පුහුණු කොමිෂන් සභාව නියාමනයට ලක් වන්නා වූ ශ්‍රී ලංකා තෘතිය වෘත්තිය පුහුණු කොමිෂන් සභාව වෙතින් වසර 2010 සිට අංක P01/0445 යටතේ ලියාපදිංචිය ලබා ඇති ආයතනයකි. මෙනිසා කැඩ් සෙන්ටර් ලංකා ආයතනයෙන් පාඨමාලා හදාරන සිසුදරුවන්ට අන්තර්ජාතිකව මෙන්ම ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලබන්නාවූ සුදුසුකම් ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
මේ පිලිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය ඕනෑම අයෙකුට කැඩ් සෙන්ටර් ලංකා ආයතනය පහත පරිදි ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය.
ක්ෂණික දුරකථන අංක : 0117 204 204
ඊ මේල් :- rajithat@caddcentre.lk,
වෙබ් :- www.caddcentre.lk,
Video Story