December, 19, 2016
නැවුම් ආරක ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් සමගින් රේණුකා ෆුඩ්ස් සමාගම මෙරට පාරිභෝගික ජනතාවගේ නත්තල් සමයට අමතර සතුටක් සහ අගයක් එක් කිරීමට කටයුතු කරයි.
“Make a wish with Richlife” ප්‍රවර්ධන වැඩසටහන යටතේ, තමන්ගේ නත්තල් සැමරුම්,ඉවුම්- පිහුම් මෙන් ම උත්සව සමයට අදාළ ඕනෑම කටයුත්තක නිර්මාණශීලී ඡායාරූපයක් හෝ සෙල්ෆියක් සහ රු. 100,000කට නොවැඩි අගයකින් යුතු පැතුමක් රිච්ලයිෆ් ෆේස්බුක් පිටුවට (www.facebook.com/richlifelk) යොමු කරන පාරිභෝගිකයන් අතරින් එක් වාසනාවන්තයෙකුට එම පැතුම ඉටු කර දීමට රේණුකා ෆුඩ්ස් සමාගම ඉදිරිපත්ව සිටින අතර එම වාසනාවන්තයා හෝ වාසනාවන්තිය දෙසැම්බර් මස 27 වනදාට ප්‍රකාශයට පත් කෙරේ.
නිර්මාණශීලී සුබපැතුමක් වීඩියෝ දර්ශනයක් ලෙස එවීම මගින් “Season's Greetings with Mr. Pop” තරගයට ඇතුළත් විය හැකි අතර වාසනාවන්තයින් හතර දෙනෙකුට අඟල් 32 රූපවාහිනිය බැගින් පිරිනැමේ. මෙම තරගය පිළිබඳ වැඩිදුර විස්තර www.facebook.com/mr.popsrilanka ඔස්සේ මිස්ටර් පොප් ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලබා ගත හැකිය.
පසුගිය මාස දෙකක කාලය පුරා තමන්ගේ කෑම වට්ටෝරු එවන ලද පාරිභෝගිකයන් අතරින් අවසන් වටය සඳහා තේරුණු පාරිභෝගිකයන්ගේ නම් Rainers ෆේස්බුක් පිටුවේ (www.facebook.com/Rainers-1649953721909193/) සඳහන් කර ඇත. මොවුන් අතරින් තේරී පත්වන වාසනාවන්තයා හට අගනා ඉවුම්-පිහුම් කට්ටලයක් පිරිනැමේ.
ඉවුම්-පිහුම් කලාවට ප්‍රිය කරන ඕනෑම අයෙකුට කැප්ටන් නාමය යටතේ එන ජැක් මැකරල්, ටූනා චන්ක්ස්, ටූනා ස්ප්‍රෙඩ් හෝ සෝයා නිෂ්පාදනයක් ආශ්‍රයෙන් තමන් පිසින නිර්මාණශීලී ආහාර වට්ටෝරුව කුඩා වීඩියෝවක් ලෙස සකස් කර යොමු කළ හැකිය. එසේ යොමුවන වීඩියෝ අතරින් වඩාත් නිර්මාණශීලී වීඩියෝ කැප්ටන් ෆේස්බුක් පිටුවේ (www.facebook.com/Captain) “Culinary Showtime” යටතේ විකාශය කෙරේ. මෙම තරගය සඳහා ලබන වසරේ ජනවාරි මාසය දක්වා සිය ආහාර වට්ටෝරු යොමු කළ හැකිය.
රේණුකා ෆුඩ්ස් සමග අත්වැල් බැඳගෙන සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ නත්තල් සැමරුමට තවත් අරුතක් එක්කිරීමේ අරමුණ පෙරදැරිව හඳුන්වා දී ඇති මෙම නවත ම ප්‍රවර්ධන වැඩසටහන් පෙළ සමග එක්ව දැනුම, විනෝදය සමගින් අගනා ත්‍යාග ද හිමිකර ගන්නා ලෙස රේණුකා ෆුඩ්ස් සමාගම පාරිභෝගික ජනතාවට ආරාධනා කර සිටී.
Video Story