December, 19, 2016
විසිතුරු මුද්‍රණ කඩදාසි ක්ෂේත්රයේ මෙරට විශේෂඥයා වන පැපිරස් පේපර්ස් සමාගම විසින් ලොව ප්රමුඛ ඉතාලි සන්නාමයක් වන Favini සමාගමේ නව චිත්‍රණ කඩදාසි graphic papers මාලාවක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. මේ තුළින් පැපිරස් පේපර්ස් සමාගම විසින් මෙරට නිර්මාණකරුවන් සහ මුද්‍රණකරුවන් වෙත ඉදිරිපත් කරන නිෂ්පාදන කළඹ කැපී පෙනෙන ලෙස වර්ධනය වනු ඇත.
Favini සන්නාමය යටතේ ඉදිරිපත් කරන ඉතාමත් නව්‍ය වූ පුළුල් පරාසයක විහිදුණු ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුතු මෙම චිත්‍රණ කඩදාසි සහ බෝඞ් පසුගියදා පැවති උත්සවයකදී මෙරට වෙළඳපොළට හඳුන්වා දුන් අතර එම උත්සවය සංවිධානය කර තිබුණේ මෙම සන්නාමයේ මෙරට බලයලත් බෙදාහරින්නා වන පැපිරස් පේපර්ස් සමාගමයි.
වැනීසි කළපුවේ පාරිසරික පද්ධතියට හානිකර අයුරින් පැතිරුණු ඇල්ගී උපයෝගී කරගෙන Alga Carta නමින් විශේෂ කඩදාසියක් 1990 දශකයේදී නිෂ්පාදනය කරමින් විශේෂ කීර්තියකට ලක්වූ Favini විසින් සිය නව නිෂ්පාදන වන Bianco Flash Master, Prisma, Classy Covers, Shiro, The Tube, Twill සහ Burano ඇතුළු සමාගමේ බොහෝ නිෂ්පාදන මෙම එළිදැක්වීමේදී ප්‍රදර්ශනය කළේය.
මෙම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් Favini සමාගමේ කළාපීය කළමනාකරු ෆ්රැන්චෙස්කෝ සිමිටාන් මහතා සඳහන් කළේ මෙම බෝඞ් සහ කඩදාසි සන්නිවේදන සහ ඇසුරුම් කටයුතු ඇතුළු විවිධ වූ කටයුතු සඳහා භාවිතා කළ හැකි බවයි. ‘‘සෑම නිෂ්පාදනයකින්ම අනන්‍ය වූ ප්‍රයෝජන ලබාගත හැකියි. සමස්තයක් ලෙස ගත්විට මෙම නිෂ්පාදන මාලාව තුළින් පාරිභෝගිකයින්ට ඉහළ සේවාවක් ලබාදෙනවාල’’ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
‘‘අපගේ එකම බලයලත් නියෝජිතයා වන පැපිරස් පේපර්ස් සමාගම පිළිබඳව Favini සමාගම ආඩම්බර වන අතරම ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන බෙදාහැරීම සඳහා පැපිරස් පේපර්ස් සමාගම සමග ඉතාමත් සමීපව අප කටයුතු කරනවාල’’ යනුවෙන්ද සිමිටාන් මහතා සඳහන් කළේය. ‘‘Faviniවිසින් ඉතාලිය තුළ ඉතාමත් උසස් නිෂ්පාදන සිදුකරන අතර Lamborghini, Prada, Versace සහ Lindt වැනි ලොව ප්‍රමුඛතම සන්නාම මෙන්ම බොහෝ ඉතාලි සහ ප්‍රංශ නිර්මාණශීලී නිෂ්පාදන සමග සම්බන්ධ වී තිබෙනවා. ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු මුද්‍රණ කටයුතු පිළිබඳව විශ්වාසය තබන පාරිභෝගිකයින් අපගේ නව නිෂ්පාදන තුළින් සතුටු වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’
ඔහු සඳහන් කළේ Twist, Softy, Remake, Majestic, Sumo, Lunar, Crush සහ Shiro යන Favini සමාගමේ අනිකුත් නිෂ්පාදනද ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ඇනවුම් කිරීම මගින් මිලදීගත හැකි බවයි.
මෙහිදී, අදහස් දක්වමින් පැපිරස් කෝපරේෂන්හි සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, අෂාන් අබේසුන්දර මහතා සඳහන් කළේ Favini වැනි ලොව ප්රමුඛ සමාගමක් විසින් නිෂ්පාදනය කරන නව විසිතුරු කඩදාසි සහ බෝඞ් මාලාවක් සමග තවදුරටත් තම වෙළඳපොළ ආධිපත්‍ය පැතිරවීමට ලැබුණු අවස්ථාව සතුටින් පිළිගන්නා බවයි. ‘‘මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය වන විසිතුරු කඩදාසි සහ ආයතනික ලිපි ද්‍රව්‍ය සහ ඩිජිටල් ක්ෂණික මුද්‍රණ සේවා සඳහා මෙරට ප්රමුඛයෙකු ලෙසින් ඉහළ ගුණාත්මක තත්ත්වයක් සොයන නිර්මාණකරුවන්ගේ සහ මුද්‍රණකරුවන්ගේ විශ්වාසය දිනාගැනීමට අප සමත්වී තිබෙනවාල’’ යනුවෙන් ඔහු සඳහන් කළේය. ‘‘නව ත්්ඩසබස නිෂ්පාදන මාලාව අපගේ නිෂ්පාදන කළඹ සඳහා ඉතා උසස් එකතු කිරීමක්. මේ නිසා, අප ඉදිරිපත් කරන සන්නාම තුළින් අපගේ ගනුදෙනු කරුවන්ට ඉතා ඉහළ තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා.’’
ඉතාලියේ 1736 වසරේදී ආරම්භ කළ කඩදාසි කර්මාන්ත ශාලාව Favini පවුල විසින් 1906 වසරේදී මිලදීගත් අතර Casting Release සහ Cast-Coated කඩදාසි නිෂ්පාදනයේ යෙදෙන Cartiera di Crusinallo සමාගම 1998 වසරේදී මිලදී ගනිමින් Favini සිය නිෂ්පාදන ප්‍රමාණය දෙගුණ කර ගැනීමට සමත්විය. 2008-09 දී සිදුකළ ප්‍රති ව්‍යුහගත කිරීමෙන් පසුව මේ වනවිට Favini S. R. L. අයත් වන්නේ ආයෝජකයින් කණ්ඩායමකට අයත් පුද්ගලික කොටස් අරමුදලක් වන Orlando අරමුදලටයි.
2002 වසරේදී ආරම්භ කළ පැපිරස් පේපර්ස් ප්‍රයිවට් ලිමිටඞ් සමාගමට මේ වනවිට මෙරට විසිතුරු සහ විශේෂ කඩදාසි වෙළඳපොළින් 70%ක කොටසක් අයත්වේ. මෙම සමාගම පැපිරස් කෝපරේෂන් සමූහයට පූර්ණ අනුබද්ධ සමාගමක් වන අතර ක්ෂණික ඩිජිටල් මුද්‍රණ කටයුතුවල මෙරට විශේෂඥයා වන ප්‍රින්ට් පොයින්ට් ප්‍රයිවට් ලිමිටඞ් යන සමාගමද පැපිරස් කෝපරේෂන්හි පූර්ණ අනුබද්ධ සමාගමකි. මීට අමතරව, පැපිරස් කෝපරේෂන් සමූහයේ ඩිජිටල් ඡුායාරූප පොත් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයා මෙන්ම එම අංශයේ වෙළඳපොළ ඉහළම කොටස හිමි JAMPhoto සමාගමද අයත් වේ. මෙම සමූහයේ දේපොළ කළමනාකරණ සමාගම වන්නේ අෂලින් ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රයිවට් ලිමිටඞ් සමාගමයි.
ඡායාරූප - පැපිරස් කෝපරේෂන්හි සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, අෂාන් අබේසුන්දර මහතා (වමේ) නව Favini නිෂ්පාදන මාලාව මෙරට එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වයි. Favini සමාගමේ කළාපීය කළමනාකරු ෆ්රැන්චෙස්කෝ සිමිටාන් මහතා (ඉහළ දකුණේ) මෙම අවස්ථාවට සහභාගී වූවන් සමග
Video Story