December, 27, 2016
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ සියවන (100) ශාඛාව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පීි. කුමාරගේ මහතාගේ ආරාධනයෙන් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, හේමසිරි ප්‍රනාන්දු මහතා හා අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පසුගියදා හංවැල්ල නගරයේදී (132/3, කොළඹ පාර, හංවැල්ල) උත්සවශී‍්‍රයෙන් විවෘත කෙරුණි. මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ අනුප්‍රාප්තික ප්‍රධාන විධායක නිලධාරී, සබි්ර ඊබ්‍රහිම් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනකාරීත්වය, විශේෂ ආරාධිතයින් හා ගනුදෙනුකරුවෝ සහභාගී වූහ. පීපල්ස් ලීසිං සමාගමේ පළමු ශාඛාව විවෘත කෙරුණේ 1996දී මහනුවර නගරයේදීය.
පීපල්ස් ලීසිං සමාගමේ සියවන ශාඛාව විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගම මෙරට මූල්‍ය සේවා සපයන බැංකු නොවන ආයතන අතර වසර 14ක් තරම් කාලයක් පෙරමුණේ පසුවන්නේ පාරිභෝගික අවශ්‍යතා මැනවින්ම හඳුනාගෙන කිසිදු අසීරුතාවකින් තොරව සියලූ කාර්යයන් ඉටුකරදීම හා මෙරට ජන ජීවිතය නගාසිටුවීමෙහි පෙරමුණගත් ආයතනයක් ලෙසින් ගනුදෙනුකරුවන්ගේ දැඩි විශ්වාසයට පාත්රවීමෙනුයි. අප සමාගම ලක්වැසියන් වෙනුවෙන් සපයන්නේ අසමසම මූල්‍ය සේවාවක්. එහෙයින් එම සුවිශේෂී සේවාව මෙරට සෑම ප්‍රදේශයකම ජීවත්වන පුරවැසියෙකුටම ලබාදීම අප සමාගමේ අරමුණක්. වසර විස්සක් තරම් කාලයක් තුළ සෑම ප්‍රධාන නගරයකම පාහේ පීපල්ස් ලීසිං ශාඛාවක් ඇරඹුවේ එම අරමුණ ජයගැනීමක් ලෙසින්. එමෙන්ම ශාඛා ජාලය තවත් පුළුල් කරමින් එහි දෙවන ශතකයේ ශාඛා ඇරඹීමත් මෙතැන් සිට සිදුවෙනවා. එමගින් මෙරට ජනතාවට තම මූල්‍ය කටයුතු වඩාත් කාර්යක්ෂමව හා පහසුවෙන් සිදු කරගත හැකිවනු ඇත.’ යන්නය.
ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.
එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාවසැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.
පීපල්ස් ලීසිං සමාගමේ 100වන ශාඛාව විවෘතකිරීමෙන් පසු එම සමාගමේ සභාපති, හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පළමු ගනුදෙනුව සිදු කළ අවස්ථාව. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පීි. කුමාරගේ මහතා හා අනුප්‍රාප්තික ප්‍රධාන විධායක නිලධාරී, සබි්ර ඊබ්‍රහිම් මහතා ජායාරූපයෙහි පසෙකින් සිටිති.
Video Story