ගම්මන්පිළගේ ගිණුම් වාර්තා ප්‍රමාද ඇයි ?

    May, 19, 2014

    පසුගිය මැතිවරණයේදී උදය ගම්මන්පිළ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතාවගෙන් මුදල් සම්මාදම් කළ අතර එහි ගිණුම් වාර්තා සති දෙකකින් පෙන්වන බව කිව්වද තවමත් ඒවා එළි දක්වා නොමැත.

    මේ පිළිබඳව අපි ඔහුගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ මේ සඳහා මාධ්‍යයේ අවධානය දිනා ගැනීමට සුදුසු වාතාවරණයක් පසුගිය කාලයේදී නොතිබූ නිසා අදාළ ගිණුම් වාර්තා එළි නොදැක්වූ බවයි.

    පසුගිය කාලයේ කැසිනෝ ගැන රටම කතා කළ බවත් පසුව වෙසක් පැමිණි බවත් ඉන් අනතුරුව විරු සමරුව පැමිණි බවත් මාධ්‍යයේ අවධානය දිනා ගත්තේ එම මාතෘකා බවත් හෙතෙම සඳහන් කළේය.

    “මට අවශ්‍ය වෙන්නේ මෙම ගිණුම් වාර්තා ඉදිරිපත් කර යහපත් මතයක් සමාජයේ ගොඩ නගන්නයි. මේ නිසා, මෙයට මාධ්‍ය අවධානය දිනා ගැනීම අවශ්‍යයයි. මේ නිසා, මම විශ්වාස කරන්නේ ලබන සතියේදී පමණ මෙම ගිණුම් වාර්තා එළි දක්වන්නයි.“

    යනුවෙන් ගම්මන්පිළ මහතා වැඩිදුරටත් අපි සමග සඳහන් කළේය.