පී.බී. ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවතට ?

    May, 24, 2014

    (දෙවන සංස්කරණය)- දේශපාලන කරළියේ ඇතිවී තිබෙන සීතල යුද්ධ, එළිපිට යුද්ධ ඇතුළු උණුසුම් වාතාවරණය හමුවේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයෙනුත්, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයෙනුත් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි අප වෙත විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගිය කාලයේදී ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව දිගින් දිගටම ප්‍රසිද්ධියේ විවේචනය කළේය.

    මේ අතර, හෙළි වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ ඇතිවූ අර්බුද වලදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එතරම් පැහැදීමක් නොමැති බවයි.

    ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනවාට අමතරව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.