ධාරානිපාත වැසි වැටුණත් ජල විදුලියේ ප්‍රගතියක් නෑ

    June, 4, 2014

    මේ දිනවල මෙරට ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂාවක් ලැබුණත් ජල විදුලි උත්පාදනය ඉහළ ගොස් නොමැති බව අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්. බී. ගනේගල මහතා පැවසුවේ තවමත් දෛනික විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 16 ක් පමණක් ජලයෙන් නිපදවන බවයි.

    “මේ දවස්වල සමහර ප්‍රදේශ වලට අධික වැස්සක් තිබුණත් බලාගාර තිබෙන ප්‍රදේශ වලට එවැනි වර්ෂාවක් නෑ. මේ නිසා, ජල විදුලිය උත්පාදනය ඉහළ ගිහින් නෑ.“

    යනුවෙන් ගනේගල මහතා සඳහන් කළේය.

    මේ නිසා, විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 84 ක් පමණම තවමත් නිපදවන්නේ ඉන්ධන යොදා ගනිමින් අධික වියදමක් දරමිනි.