ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල වාර්තාගත ලෙස පහළට

    June, 4, 2014

    මෙරට අලෙවි කරන කිරි නිෂ්පාදනවල මිල පහළ නොගියත් 2013 පෙබරවාරි මාසයෙන් පසුව ලෝක වෙළඳ පොළේ කිරිපිටි නිෂ්පාදනවල අඩුම මිල අද වාර්තාවන බව අනාවරණය වේ.

    මේ අනුව, ගෝලීය කිරි වෙළඳ වෙන්දේසියේදී (GlobalDairyTrade auction) කිරිපිටි ටොන් එකක මිල ඩොලර් 3,756 ක් දක්වා සියයට 4.2 කින් අඩුවී තිබෙන අතර මෙසේ මිල අඩුවී තිබෙන්නේ පිට පිටම අටවන දිනයටයි.

    මෙම වාර්තා සඳහන් කරන්නේ විවිධ නිෂ්පාදන සඳහා භාවිතා කරන සියළුම කිරිපිටිවල මිලද මේ ආකාරයෙන්ම අඩුවී තිබෙන බවයි.

    ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල අඩුවීම නිසා කිරිපිටි ආනයන කරුවන් වෙනුවෙන් ලබාදී තිබෙන සහන වලින් කොටසක් ඉවත් කරන බව මෙරට මුදල් අමාත්‍යංශය ඊයේ පැවසුවත් කිරිපිටි මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට තවමත් හිමිවී නොමැත.