June, 5, 2014
මෙරට බැංකු සහ මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ජාතික සංවර්ධන බැංකුව සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීමට අදාළ කටයුතු කිරීමට ජාත්‍යන්තර උපදේශකයෙකු සම්බන්ධ කර ගැනීමට යනබව අනාවරණය වේ.
ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධානී, සුනිල් විජේසිංහ මහතා අප සමග අදහස් දක්වමින් පැවසුවේ මෙම ජාත්‍යන්තර උපදේශකයා තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත් තවත් සති දෙකකින් පමණ මෙම පත්වීම කළ හැකි බවයි.
“මෙම පත්වීම කළ විගස තෝරා ගන්නා උපදේශකයා පිළිබඳව අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වන්නේ මෙම ඒකාබද්ධ කිරීම අවසන් වනතුරුම එම උපදේශකයාගෙන් උපදෙස් ලබාගැනීමටයි.“
යනුවෙන් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ඒකාබද්ධ කිරීම ඉදිරියට ගෙනයාම සඳහා බැංකු දෙක විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකටද අත්සන් කළ අතර මෙයින් බැංකු දෙක ඒකාබද්ධ කිරීමේදී තිබෙන අවස්ථාවන් සොයා බැලීම සඳහා එකඟ වී ඇත.
මේ අතර, මෙරට ක්‍රියාත්මක විදේශීය බැංකුවල කළාපීය නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග මූල්‍ය අංශයේ ඒකාබද්ධවීම සම්බන්ධයෙන් මහ බැංකුව පසුගිය කාලයේදී සාකච්ඡා කළ අතර එහිදී එම බැංකු මෙරට ආර්ථික කටයුතු වලට වඩාත් සක්‍රීය ලෙස දායකවීමට පොරොන්දු විය.
Video Story