June, 9, 2014
ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල අඩුවීම නිසා දේශීය වෙළඳ පොළේ කිරිපිටි මිල අඩුකිරීමේ හැකියාවක් නොමැතිදැයි අපි මැලිබන් කිරිපිටි සමාගමේ ප්රධාන විධායක නිළධාරී ඩී.එල්. වීරසූරිය මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ එවැනි මිල අඩුකිරීමක් කළ හැක්කේ සැප්තැම්බර් මාසයෙන් පසුව බවයි.
දැනට ලෝක වෙළඳ පොළේ තිබෙන අඩු මිල ගණන් වලට ලබාගන්නා කිරිපිටි මෙරටට පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම එයට හේතුව බව හෙතෙම සඳහන් කළේය.
ඔහු කියා සිටියේ මේ වනවිට, සමාගම් මෙරට අලෙවි කරන්නේ ලෝක වෙළඳ පොළේ අගෝස්තු මාසයේදී පැවති මිලට මිලදීගත් කිරිපිටි තොග බවයි.
ගෝලීය කිරි වෙළඳ වෙන්දේසියේදී (GlobalDairyTrade auction) කිරිපිටි ටොන් එකක මිල ඩොලර් 3,756 ක් දක්වා පසුගියදා අඩුවූ අතර කිරිපිටි ටොන් එකක මිල පහළ වැටුණේ ඩොලර් 5000 ක පමණ මට්ටමක සිටයි.
මැලිබන් කිරි සමාගමේ ප්රධාන විධායක නිළධාරීවරයාගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝ පටය මෙන්න
Video Story