බැංකු ණයක් ලෙස පාරිතෝෂිකය ගෙවීම ජනපති නවතයි

    June, 15, 2014

    විශ්‍රාමික පාරිතෝෂිකය ගෙවීම වෙනස් කිරීමකින් තොරව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

    පැරණි ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පාරිතෝෂිකය ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබූ අතර නව ක්‍රමය යටතේ එය රාජ්‍ය බැංකු හරහා ණය මුදලක් ලෙස ලබාගත යුතුවෙයි.

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පාරිතෝෂිකය නැවත අය කරගනු ලබන්නේ 60% ක මුදලක් පමණක් වන නමුත් බැංකු මගින් ණය මුදලක් වශයෙන් පාරිතෝෂිකය ලබා ගැනීමේදී 100% නැවත ගෙවීමට සිදුවීමෙන් විශ්‍රාමිකයන්ට අසාධාරණයක් සිදුවන බවට විරෝධතා එල්ල වුණි.

    දැනට විදෙස් ගතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කරුණු සලකා බලා පාරිතෝෂිකය පැරණි ක්‍රමයටම ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත උපදෙස් ලබාදී ඇතිබව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.