ඇඟලුම් වලට ඇමරිකාවෙන් හා යුරෝපයෙන් හොඳ ඉල්ලුමක්

    June, 20, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය අප්‍රේල් මාසයේ මෙරට අපනයන සියයට 9.4 කින් ඩොලර් මිලියන 762.2 ක් දක්වා වර්ධනය වෙද්දී ආනයන අඩුවී තිබෙන බවයි.

    මේ අනුව, ඇමරිකාවෙන් හා යුරෝපයෙන් හොඳ ඉල්ලුමක් පැවතීම නිසා අප්‍රේල් මාසයේදී ඇඟලුම් අපනයන ඉහළ යද්දී රබර් අපනයන පහළ ගොස් තිබේ.

    මීට අමතරව, තේ  අපනයන ඉහළ ගොස් ඇත.

    අප්‍රේල්වල ආනයන සියයට 5.3 කින් ඩොලර් මිලියන 1,444.5 ක් දක්වා අඩුවී තිබෙන අතර විදේශ සංචිතය ඩොලර් බිලියන 8.9 ක් දක්වා වර්ධනය වී ඇතැයි හෙළිවේ.

    විදේශ සංචිතය වර්ධනය වීමට හේතුවක්ව තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක සෛවරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලැබුණු මුදල් සංචිත වලට එකතු කිරීම හේතුවෙනි.