ලීටර් මිලියන තුනේ මත්තල ගුවන් යානා තෙල් පර්යන්තය කලඑළි බසී

    June, 20, 2014

    ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රුපියල් බිලියන 05 ක ආයෝජනයකින් ඉදිකර තිබෙන ගුවන් තෙල් අංගනය සහ ගුවන් යානා ඉන්ධන නල පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 22 වනදා විවෘත කිරීමට සූදානම් වේ.

    මෙම ඉදිකිරීමත් සමගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් මත්තල ගුවන් යානා තෙල් පර්යන්තයේ ඉන්ධන ධාරිතාවය ලීටර් මිලියන තුනක් දක්වා ඉහළ යන අතර එය ලොව දැනට භාවිතා කරන උසස් තාක්ෂණික මෙවලම් වලින් යුක්තය.

    මෙය ගුවන් යානා තෙල් සැපයුම් පද්ධතිය, ගිනි නිවීමේ ඒකකය, ගිනි අනතුරු හඳුනා ගැනීමේ ඒකකය යන කොටස් වලින් සමන්විත වන අතර  එයාබස් ඒ 380, ඇන්ටනෝව් 124, බෝයිං 777-200, බෝයිං 747, එයාර් බස්  340-300 යන ගුවන් යානා සඳහා තරගකාරී අයුරින් මෙයින් සේවා සැපයීමට හැකි බවත් රජය කියයි.g3