June, 24, 2014
උතුරු-නැගෙනහිර පැවති යුද්ධය නිසා මියගිය, ආබාධිත වූ පුද්ගලයින්, සිදුවූ දේපොළ හානි ඇතුළු තොරතුරු සොයා ගැනීම සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ සංගණනයේ අවසන් වාර්තාව තවත් මාස තුනකින් පමණ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට (LLRC) භාරදිය හැකියැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා අද කොළඹදී පැවසුවේ මෙම සංගණනය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයට අනුව කළ බවයි.
මෙම සංගණනය අවසන් කර තිබෙන අතර ඒ පිළිබඳව අධ්‍යනයක් මේ වනවිට දෙපාර්තමේන්තුව සිදුකරමින් සිටී.
මෙම සංගණනයට අදාළ වූ සෑම දෙනාම පාහේ තොරතුරු ලබාදුන් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story