සිගරැට් දවටනවල රූපමය අවවාද කල්යයි

    July, 1, 2014

    දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පළ කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමත් සමග ලංකා දුම්කොළ සමාගම පවසා තිබෙන්නේ 2014 ජූලි 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන තුරු පවතින ඇසුරුම් වලම වෙළඳ පොළට සිගරැට් නිකුත් කරන බවයි.

    සිගරැට් දවටනය සියයට 60 ක් වැසෙන ලෙස රූපමය අවවාද මුද්‍රණය කළ යුතුයැයි පසුගියදා අභියාචනාධිකරණය විසින් කළ නියෝගය ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ අද (ජූලි 01 වනදා) සිටයි.

    එයට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණු අතර ලංකා දුම්කොළ සමාගම විසින් එය අභියෝගයට ලක්කර තිබුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙහි විභාග කටයුතු 2014 ජූලි 11 වනදා සිදුකර තීන්දුවක් ලබාදීමටයි.