1857/8 විශේෂ ගැසට් නිවේදනයේ බදු ඉවතට

    July, 22, 2014

    රජය නිකුත් කළ 1857/8 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

    මේ අනුව, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඇතුළු ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණ කිරීම, අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා වෙනුවෙන් වූ බදු ඉවත් කර තිබෙන බව සඳහන්ය.

    ලංකා බැංකු සේවක සංගමය සමග පැවති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.