July, 24, 2014
පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ (PIM Alumni) 2014 ප්ලැටිනම් ගෞරව සම්මාන ප්රදානය (Platinum Honours) කොළඹදී ඊයේ පැවැති අතර එහිදී ව්‍යාපාර කළමනාකරණයේ විශිෂ්ටයින් අගයා සම්මාන පිරිනැමීය.
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්ලැටිනම් සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ දෙරණ මාධ්‍ය ජාලයේ සමූහ අධ්යක්ෂ අලවි සහ විකුණුම්, තුෂාර පෙරේරා මහතා, මැලිබන් බිස්කට්ස් සමාගමේ අලවි සහ විකුණුම් ප්‍රධාන විධායක නිළධාරී, රවී ජයවර්ධන මහතා සහ සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී, අරවින්ද පෙරේරා මහතා යන අයයි.
මෙම සම්මාන සඳහා බොහෝ දෙනෙකු අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර විනිශ්චය මණ්ඩලය සඳහා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ (PIM) අධ්යක්ෂ ආචාර්ය අජන්ත ධර්මසිරි මහතා, ජාතික සංවර්ධන බැංකුවේ සභාපති, සුනිල් විජේසිංහ මහතා, නව නිපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති, දීපාල් සූරියආරච්චි මහතා සහ කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී, මංගල යාපා මහතා සහභාගී විය.
සම්මාන ප්රදානය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණේ කොළඹ කින්ග්ස්බෙරි හෝටලයේදීයි.
Video Story