Trade Finance & Investments 98% ක් කොමර්ෂල් ක්‍රෙඩිට් අතට

    August, 4, 2014

    ජෙට් වින්ග් ව්‍යාපාරික සමූහයට සම්බන්ධ පාර්ශවයන්ට අයත්වූ වසර 35 කට වඩා පැරණි Trade Finance & Investments PLC සමාගමේ සියයට 98 ක පමණ කොටස් ප්‍රමාණයක් රුපියල් බිලියන 1.5 කට ආසන්න මුදලකට කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මිලදීගත් බව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    මෙම සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය වන සියයට 83 කට ආසන්න කොටස් ප්‍රමාණය කොටසක් රුපියල් 28 ක් බැගින් කොමර්ෂල් ක්‍රෙඩිට් වෙත විකුණා තිබෙන්නේ ගිවිසගත් ගනුදෙනු (Crossings) තුළිනි.

    මීට අමතරව, සුළු කොටස් කරුවන්ට අයත්වූ ඉතිරි කොටස් ප්‍රමාණය අද කොළඹ කොටස් වෙළඳපොළ හරහා කොමර්ෂල් ක්‍රෙඩිට් මිලදීගෙන තිබේ.

    Trade Finance & Investments PLC සමාගම විදේශීය මුදල් මාරු කිරීම (Foreign currency exchange) ස්ථාවර තැන්පතු හා රන් උකස් ගැනීම (Fixed Deposits and pawning), කල්බදු (Hire Purchases), පුද්ගලික ණය (Personal loans) යන ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින අතර කොළඹ යුනියන් පෙදෙසේ ප්‍රධාන කාර්යාලය හැරුණු විට යාපනය, කිලිනොච්චිය, මඩකළපුව, මීගමුව යන ප්‍රදේශවල ශාඛා පවත්වාගෙන යයි.