Prime Grameen ලොකු කුට්ටියට HNB කැමති වෙයි. විකුණුම්කරු ප්‍රයිම් ලෑන්ඩ්ස්

    August, 4, 2014

    ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට අයත් බලපත්‍රලාභී Prime Grameen Micro Finance Limited සමාගමේ සියයට 51 ක කොටස් රුපියල් මිලියන 660 කට මිලදී ගැනීමට හැටන් නැෂනල් බැංකුව තීරණය කරයි.

    හැටන් නැෂනල් බැංකුව පවසන්නේ මෙම ගනුදෙනුව සඳහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවසර ලබාදුන් බවත් මෙම ගනුදෙනුව 2014 සැප්තැම්බර් 30 වනදාට පෙර සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

    මෙම මිලදීගැනීමෙන් පසුව හැටන් නැෂනල් බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍යයන ව්‍යාපාරික කටයුතු Prime Grameen Micro Finance Limited හරහා සිදුකිරීමට සැලසුම් කර ඇත.

    මේ නිසා, හැටන් නැෂනල් බැංකුව ක්ෂුද්‍ර මූල්‍යයන ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වෙනමම මූල්‍ය සමාගමක් ආරම්භ කරන බව මුලින් දැනුම් දුන්නද මෙම ගනුදෙනුව නිසා එසේ නොකරන බව සඳහන්ය.