DFCC ණයකරය ඉතිරෙයි

    August, 7, 2014

    ඩී.එෆ්.සී.සී. බැංකුව විසින් නිකුත් කළ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 30 ක් සඳහා රුපියල් බිලියන පහකට වැඩි වටිනාකමක් සහිත ලංසු ලැබී නිකුතුවට අධි ඉල්ලුමක් ලැබී තිබේ.

    බැංකුව විසින් සඳහන් කළේ මෙම ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කරන බවයි.

    නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබීම නිසා එය අද සවස 4.30 ට අවසන් කරන බව සඳහන්ය.