August, 28, 2014
1968 වසරේදී මහනුවරදී ආරම්භ කළ මෙරට පැරණිතම මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆයිනෑන්ස් සමාගම විසින් රුපියල් මිලියන 300 කට Newest Capital Limited යන සමාගම මිලදීගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ.
මෙම ගිවිසුම අනුව සෙංකඩගල ෆයිනෑන්ස් සමාගම විසින් මෙම සමාගමේ සියයට සියයක කොටස් මිලදී ගන්නා අතර Newest Capital Limited සමාගම සෙංකඩගල ෆයිනෑන්ස් සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමක් වනු ඇත.
මෙම ගනුදෙනුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමිව තිබෙන අතර මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ගිවිසුමට එළඹ තිබේ.
Video Story