ලංකා බැංකුවෙන් බිලියන 08 ක ණයකර නිකුතුවක්

    August, 29, 2014

    මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව ණයකර නිකුතුවක් මගින් මුල් අදියරේදී රුපියල් බිලියන 04 ක මුදලක් රැස්කිරීමට සූදානම් වන අතර එම නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් ණයකර නිකුතුවේ දෙවන අදියරද සිදුකරමින් තවත් රුපියල් බිලියන 04 ක් රැස්කර ගැනීමට සූදානම් වේ.

    මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අනුමැතිය ලබාදී ඇත. නිකුතුව යටතේ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 40 ක් මුල් අදියරේදී බැංකුව නිකුත් කරයි.

    ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් එකක් රුපියල් 100 ක් වන තවත් ණයකර මිලියන 40 ක් නිකුත් කරන බව ලංකා බැංකුව කියයි.

    මෙම ණයකර නිකුතුව විවෘත වන්නේ ලබන සැප්තැම්බර් 16 වනදායි.