September, 29, 2014
යුනියන් බැංකුවේ සියයට 70 කට ආසන්න කොටස් කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම මිලදී ගැනීමත් සමග එම සමාගමට අවස්ථාව ලබාදෙමින් බැංකුවේ අධ්‍යක්ෂවරු සිව් දෙනෙකු අදාළ තනතුරු වලින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වෙයි.
මේ අනුව, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ තනතුරු දැරූ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, සුරේන් මදනායක මහතා, සුනිල් කරුණානායක මහතා සහ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රින්ස් ෆයිසාල් අල් අබ්දුල්ලා අල් ෆයිසාල් මහතා සිය තනතුරු වලින් ඉවත් වී ඇත. ප්‍රින්ස් ෆයිසාල් අල් අබ්දුල්ලා අල් ෆයිසාල් මහතාට යුනියන් බැංකුවේ මිලියන 15 ක කොටස් අයිතිබව බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Video Story