ආපිකෝ ෆයිනෑන්ස් මිලියන 500 ක කොටස් කුට්ටියක් විකුණයි

    October, 1, 2014

    මෙරට පැරණිතම මූල්‍ය සමාගමක් වන ලයිස්තුගත ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ සියයට 40.59 ක කොටස් රුපියල් මිලියන 501 ක පමණ මුදලකට ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගම විසින් අද මිලදීගෙන තිබේ.

    මෙහිදී, එකක් රුපියල් 166 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 03 ක් පමණ මිලදීගෙන ඇත.

    මීටපෙර, ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගමට ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ සියයට 0.74 ක කොටස් අයත්ව තිබූ අතර නව මිලදී ගැනීමත් සමග අයත් සම්පූර්ණ කොටස් ප්‍රමාණය සියයට 41.33 ක් දක්වා ඉහළ ගොස් ඇත.