කොළඹ කොටස් පොළේ වසරේ ලොකුම කඩා වැටීම අද

    October, 13, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය මේ වසරේ වැඩිපුරම පහළ ගිය දිනය ලෙස අද දිනය වාර්තා වූ අතර සමස්ත මිල දර්ශකය අද ගනුදෙනු අවසානයේදී ඒකක 136.78 කින් පහත වැටී ඒකක 7,184.22 ක් විය.

    ප්‍රතිශතයක් ලෙස මෙම පහළ වැටීම සියයට 1.87 කි.

    මීට අමතරව, එස් ඇන්ඩ් පී මිල දර්ශකය අද ඒකක 95.47 කින් පහළ ගොස් ඒකක 4,014.55 ක් වූ අතර එය සියයට 2.32 ක පහළ යාමකි.

    අද වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.9 ක් වන අතර කොටස් මිලියන 128.6 ක් ගනුදෙනු විය.

    පසුගියදා කොළඹ කොටස් වෙළඳ පොළ සහ විනිමය කොමිසම එක්ව ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සමුළුවක්ද කොළඹදී පැවැත්වීය.