රේණුක හෝල්ඩින්ග්ස් බිලියනයක් ඉල්ලයි

    October, 13, 2014

    කොල්ලුපිටියේ දේපොළ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට හිමිකම් නිකුවක් මගින් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් රැස්කර ගැනීමට රේණුක හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම සූදානම් වේ.

    මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 21 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 44 ක් සහ එකක් රුපියල් 15 වන සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 6 ක් නිකුත් කරයි.

    මෙහිදී, තිබෙන සෑම ඡන්ද සහිත කොටසකට එක් කොටසක් බැගින්ද තිබෙන සෑම ඡන්ද රහිත කොටසකට එක් කොටසක් බැගින්ද නිකුත් කරනු ලබයි.

    Video Story

    Stock Market

    Exchange Rates