BANSEI ROYAL RESORTS කළමනාකරණයෙන් අමායා ලෙෂර් යයි

    October, 20, 2014

    ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් අමායා ලෙෂර් විසින් කළමනාකරණය කළ හික්කඩුවේ පිහිටි BANSEI ROYAL RESORTS HIKKADUWA PLC හෝටලය කළමනාකරණය කිරීම එම සමාගමින් ඉවත් කර ජෙට් වින්ග් හොටෙල්ස් ලිමිටඩ් වෙත භාරදී තිබේ.

    මේ අනුව, 2014 දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙට් වින්ග් හොටෙල්ස් ලිමිටඩ් විසින් මෙම හෝටලය කළමනාකරණය කරන අතර අමායා ලෙෂර් සමග ඇති ගිවිසුම 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට අවලංගු වේ.

    ජපානයේ BANSEI සමූහයට සම්බන්ධ මෙම හෝටලයේ තිබෙන කාමර ගණන 30 කි.

    Video Story

    Stock Market

    Exchange Rates