කොලොන්නාවේ තෙල් ටැංකි දෙසටත් හැරේ

    October, 20, 2014

    කොලොන්නාව, සපුගස්කන්ද හා මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා කිරීමට තිබෙන ටැංකි පද්ධතිය ප්‍රමාණවත් නොවීම නිසා අළුතින් ටැංකි ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

    මේ අනුව, කොලොන්නාවේ හා සපුගස්කන්දේ තිබෙන තෙල් ටැංකි ප්‍රමාණය වැඩි කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග කීය.

    “තෙල් ගබඩා කිරීමට තිබෙන තෙල් ටැංකි ප්‍රමාණවත් නොවීම නිසා, ටැංකිවල තෙල් අඩුවන තුරු නැව් කොළඹ වරායේ තබා ගැනීමට සිදුවී තිබෙනවා. මේ සඳහා අපට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙනවා.“

    යනුවෙන් අමරසේකර මහතා කීය.

    මේ නිසා, තෙල් ටැංකි ප්‍රමාණය වැඩි කිරීම මගින් නැව් වලට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු අඩුකර ගැනීමට හැකියාව ලැබේ.

    මුතුරාජවෙල සිට කොලොන්නාවේ තෙල් ටැංකි වෙත ඉන්ධන ගෙන ඒම සඳහා තවමත් නල පද්ධතියක් නොමැති අතර තෙල් ප්‍රවාහනය කරන්නේ බවුසර් මගිනි.

    මේ නිසා, මෙම තෙල් ටැංකි නල මගින් සම්බන්ධ කිරීමටද අදහස් කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates