නෙස්ලේ ලංකා මුල් පුටුවල වෙනසක්

    October, 22, 2014

    නෙස්ලේ ලංකා පී.එල්.සී. සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ගනේසන් අම්පලවානර් මහතා නෙස්ලේ වියට්නාම ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ලබන පෙබරවාරි 01 වනදා සිට පත්කර තිබේ.

    මේ හේතුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට ඉන්දියානු ශාඛාවේ ආහාර අංශයේ ව්‍යාපාරික විධායක කළමනාකාර ධූරය දරන ශිවානි හෙජ් මහත්මිය පත්කර තිබෙන බව නෙස්ලේ සමාගම සඳහන් කරයි.

    අම්පලවානර් මහතා 2013 ජනවාරි මාසයේ සිට නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates