ශ්‍රී ලංකන් A330 ගුවන් යානයෙන් රට වටා සංචාරය කිරීමට ඔබටත් අවස්ථාවක්

    October, 22, 2014

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස් A330 -300 වර්ගයේ ගුවන් යානා 6 න් පළමු වැන්න පිළිගැනීමේ සමාරම්භක උත්සවයේ කොටස්කරුවෙකු වීමේ අවස්ථාව ඔබට හිමිව තිබේ.

    ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම් වලට සවන් දී ඔබ ගුවනින් දැකීමට කැමතිම නගරය SMS කර මෙම අනගි අවස්ථාව උදාකර ගැනීමේ හැකියාව පවතී. මෙම වෙළඳ දැන්වීම් සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා තුනෙන්ම ප්‍රචාරය වේ.

    මෙම ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහන් ඔක්තෝබර් මස 20 වෙනිදා සිට ප්‍රචාරය වන අතර එයට සවන් දී SMS යොමුකිරීම සඳහා ඔක්තෝබර් මස 26 වන දින දක්වා කාලයක් ලබා දී ඇති අතර ඉන් ජයග්‍රහණය හිමිකරගන්නා වාසනාවන්තයින්ගේ නම් 2014 ඔක්තෝබර් මස 27 වෙනි දින නිවේදනයකරනු ඇත.

    මෙම SMS පණිවිඩ යොමු කිරීමේ දී ඔබේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර එවිය යුතු අතර දිනුම් ඇදීමෙන් පසු ජයග්‍රාහකයින් 20 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. ඔවුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක්වන නවතම ගුවන් යානයෙන් රට වටා සංචාරය කිරීමේ අවස්ථාවද හිමිවේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නඩත්තු පිරිවැය අවම කල හැකි පුළුල් බඳ සහිත එයාර්බස් වර්ගයේ ගුවන් යානා ප්‍රතිඇණි ගත කිරීමට මේ වන විට පියවර ගෙනතිබේ. ඒ අනුව A330– 300 වර්ගයේ ගුවන් යානා 6 ක් සහ නවීන තාක්ෂණයෙන් යුත් A350– 900 ගුවන් යානා 7 ක් සිය ගුවන් යානා ඇණියට එක් කිරීමටත් මේ වනවිට කටයුතු යොදා තිබේ.