October, 24, 2014
2015 අයවැය මගින් රාජ්‍ය සේවකයෙකුගේ මාසික ආදායම රුපියල් 25,000 ක් දක්වා වැඩිකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මේ අනුව, රාජ්‍ය සේවකයින්ට ලබාදෙන දීමනාව වැටුපට එක් කිරීමට යෝජනා කර තිබෙන අතර මෙයින් අවම වැටුප රුපියල් 15,000 ක් දක්වා වර්ධනය වේ.
ජීවන වියදම් දීමනාව රුපියල් 2200 කින් රුපියල් 10,000 ක් දක්වා වැඩිකර ඇත.
මෙම නව වැටුප් ව්‍යුහය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.
මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 10,000 ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා සිටින බවයි. මේ වනවිට, රුපියල් 10,000 කට වැඩි වැටුපක් ලබන පුද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික වැටුප රුපියල් 500 කින් වැඩිකරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
Video Story