October, 28, 2014
පිට රටවල සේවය කරමින් මෙරටට විදේශීය විනිමය උපයාදෙන ශ්‍රමිකයින්ට කරන උපහාරයක් ලෙසින් 2015 අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් මේ වනවිට විශේෂ අධ්‍යනයක් සිදුකරමින් සිටී.
මෙම අයවැය යෝජනාවට අනුව විදේශීය රටවල සේවය කරන පුද්ගලයින් මෙරටට එවා තිබෙන විදේශ විනිමයෙන් සියයට 60 ක වටිනාකමට සමාන වාහනයක් තීරු බදු රහිතව මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර ඇත.
මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප විසින් සොයා බැලූ අවස්ථාවේදී අනාවරණය වූයේ මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මේ වනවිට සලකා බලමින් සිටින බවයි.
අතීතයේ සිටම මෙරටට විදේශ විනිමය ඒවූ අයටත් මෙම සහනය ලබාදෙනවාද, නැතිනම් යම් කාලයකින් පසුව පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණා පිළිබඳව මුදල් අමාත්‍යංශයේ අවධානය මේ වනවිට යොමුව තිබේ.
මීට අමතරව, විදේශ විනිමය යම් සීමාවක් සඳහා පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණය පිළිබඳවත් මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙන අතර කඩිනමින් මේ සම්බන්ධයෙන් අවසාන තීරණ ගෙන මෙම සහනය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය අදහස් කර ඇත.
විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට ඩොලර් මිලියන 548 ක විදේශ විනිමය ඒවා තිබූ අතර 2013 අගෝස්තු මාසය සමග සැසඳීමේදී එය සියයට 1.5 ක වර්ධනයකි.
මේ වසරේ මුල් මාස අට තුළදී විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරටට ඩොලර් බිලියන 4.5 ක විදේශ විනිමය ඒවා තිබෙන අතර එය ගිය වසර සමග සැසඳීමේදී සියයට 10 ක වර්ධනයක් වේ.
Video Story