October, 30, 2014
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම(SLSI) විසින් සංවිධානය කරන "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය විදහා දක්වන ජාතික ප්‍රදර්ශනයක් ලෙස හැඳින්විය හැකිය. නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක් ප්‍රදර්ශනයකදී එළි දක්වමින් සමාජගත කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීම අරමුණු කරගනිමින් "සහසක් නිමැවුම්"සංකල්පය 2012 වසරේ ක්‍රියාවට නැංවිණ.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම(SLSI) විසින් තෙවන වරට සංවිධාන කරනු ලබන "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී(SLECC) පැවැත්වීමට කටයුතු සංවිධානකොට තිබේ. "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය 2014 සමාරම්භක උත්සවය විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට(31) දින පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශනයට සමගාමීව දේශීය නව නිපැයුම් ක්ෂේත්‍රයට අද්විතීය මෙහෙවරක් සිදුකළ ආචාර්ය රේ විෙජ්වර්ධනයන්ගේ සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හසල දැනුමක් සහ නිපුනතාවක් හෙබි ආචාර්ය රේ විෙජ්වර්ධනයන් 1955 වසරේ ලොව ප්‍රථම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිපදවා සාක් කලාපීය රටවල ගොවි ජනතාවට මහඟුසේවාවක් ඉටුකළ ශ්‍රේෂ්ඨ විද්වතෙකි.
Video Story