November, 1, 2014
ගුවන් සේවා ක්ෂේත්රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම නවතම එයාර්බස් A 330-300 ගුවන් යානාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සම්ප්‍රාප්ත විය. එහිදී අභිමානවත් බවින් පිරිපුන් විචිත්‍රවත් උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය, පූජ්‍ය පක්ෂය මෙන්ම ගුවන් සමාගමේ සභාපති, ආයතනයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ද එක්වූහ.
මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාව සතුව අති නවීන ගුවන් යානා අභ්‍යන්තර පහසුකම් සහ සැප පහසුවද ,උසස් තාක්ෂණික ලක්ෂණ සහ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත් ය. මේ අනුව ගුවන් සමාගමේ දැනට පවතින A330-200 සහ A340-300 ගුවන් යානා ඉවත් කර නවතම ගුවන් යානා ප්‍රතිඇණිගත කරනු ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අමාත්‍ය, පියංකර ජයරත්න ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම ගුවන් යානාව අප රටට පැමිණෙන මෙම මොහොත අත්දැකීමට හැකිවීම පිළිබඳව සිවිල් ගුවන් සේවා ක්ෂේත්රය භාර අමාත්‍යවරයා වශයෙන් ගෞරවයක් කොට සළකන බවයි. මෙම අවස්ථාවට පැමිණ සිටින පිරිස අතරින් විශේෂයෙන් ජාතික ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහනය සම්බන්ධයෙන් අභිමානයෙන් පසුවන බවද ඒ මහතා පෙන්වා දුන්හ. මෙම හැගීම අප රටේ සුවහසක් ජනතාව ද බෙදාහදා ගන්නා බවත් ශ්‍රී ලංකා ගුවන් සේවාවට නව යුගයක ආරම්භය අද දින සනිටුහන් වන බව හෙතෙම පැවසීය.
“ජාතික ගුවන් සමාගමේ ගුවන්යානා ප්රතිඇණිගතකිරීම නියෝජනය කරමින් ගුවන් සමාගම විසින් ලබාගැනීමට අපේක්ෂිත නව ගුවන් යානා අතරින් ප්‍රථම වරට මෙරටට පැමිණෙන ගුවන් යානාව මෙම A330-300 ගුවන් යානාවයි. ගෝලීය ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්වී ඇති වර්ධනය ඉලක්ක කර ගනිමින් නිරතුරුවම වෙනස්වන තරඟකාරි ගුවන් සේවා ක්ෂේත්රයේ නවීන ප්රමිතීන් වලට අනුකූලව මෙම ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වෙනවා.
” යැයිද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති, නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අප රටේ ගුවන් සේවා ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා ජාතික ගුවන් සේවයේ කැපවීම නැවත වරක් තහවුරු කරමින් ශ්‍රී ලංකාව කලාපයේ ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ රජයේ අරමුණ සඳහා සහාය දැක්වීමට මෙම ගුවන් යානා ලබාගැනීම තුළින් හැකි වන බවයි.
ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ අප ගුවන් යානා ඇණියට එකතු වීමට අපේක්ෂිත A330-300ගුවන් යානා 7න් පළමු වැනි ගුවන් යානාව පිළිගැනීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත්වන අතර ජාතික ගුවන් සේවය ගෝලීය සංචාරක ක්ෂේත්රයේ දිනෙන් දින වැඩිවන අවශ්‍යතා සහ අභියෝග ජය ගැනීමට හැකිවීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සමාගමටත් මුළු මහත් ජාතියටම ආඩම්බර වීමට හැකි විශේෂ අවස්ථාවක් මෙයින් විද්‍යාමාන වන බවයි.
මෙම ගුවන් යානාවේ පැමිණීමත් සමග ගුවන් සමාගමේ පුළුල් බඳ සහිත ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර මෙමගින් අප පාරිභෝගිකයන් සඳහා නිෂ්පාදන වැඩිදියුණු කිරීමටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් සේවා සපයන ප්රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවා හා සමකල හැකි සේවාවක් ලබා දීමටත් හැකිවන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම වසරේ අවසාන භාගයේ දී චීනයේ කුන්මින් වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරිමට නියමිත අතර අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පහසු ගමනාන්ත වෙත 2015 වසරේ දී මෙහෙයුම් දියත් කිරිමටත් බලාපොරොත්තු වේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් එයාර්බස් සමාගමෙන් ලබාගැනීමට නියමිත A330-300 ගුවන් යානා 7න් පළමු වැනි ගුවන් යානාව ලබාදීම ප්‍රංශයේ ටූලූස් හි ඔක්තෝම්බර් මස 30 වැනිදා පැවැත්විනි. එම අවස්ථාවට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ එයාර්බස් සමාගමේ වැඩසටහන් විධායක උප සභාපති ටොම් විලියම්ස් මහතා ද සහභාගී වූහ.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් එහි දෙවැනි A330-300 ගුවන් යානාව මෙම වසර අවසානයේ දි භාරගැනීමට නියමිත අතර ඉතිරි ගුවන් යානා පහ 2015 වසරේ දී ක්‍රමානුකූලව ලබා ගැනීමට නියමිතය.
එසේම ගුවන් සමාගම A350-900 ගුවන් යානා 8ක් ලබා ගැනීමට නියමිත අතර දකුණු ආසියාවේ මෙම නවීන මාදිලියේ ගුවන් යානා ලබා ගන්නා පළමු ගුවන් සේවය වශයෙන් විශේෂ සන්ධිස්ථානයක් මෙයින් වන අතර මෙම ගුවන් යානාවන් අතරින් ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර 2017 වන විට ගුවන් යානා 4ක් ලබාගැනීමට නියමිත ය. අනෙකුත් A350 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට වසර 2020 දී එකතු වීමට නියමිත ය.
මෙම ද්විත්ව රෝල්ස් රොයිස් ට්‍රෙන්ට් 700 එන්ජින් වෙතින් බලගැන්වෙන A330-300 ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ මෙහෙයුම් සඳහා භාවිත වන පුළුල් බඳ සහිත ගුවන් යානා වේ.
එයාර්බස් සමාගමේ ප්‍රධාන පාරිභෝගික මෙහෙයුම් නිලධාරී ජෝන් ලෙහී ප්‍රකාශකර සිටියේ ඉතා උසස් තත්වයේ විශ්වාසනීයත්වයක්, සුපිරිපහසුකම් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම නව A330-300 ගුවන්යානාව ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට පහසුවෙන් එක්වනු ඇති බවයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම හා එක්ව දශක 2ක් පුරාවට අප සමග පැවැති පාර්ෂීකත්වය තුළින් ආසියාවේ වැදගත් ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙලේ වර්ධනයට හවුල්වීමට හැකියාව ලැබීඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීම යනු ජාතික ගුවන් සේවයේ පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතා වර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් හි ප්‍රධාන වැඩපිළිවෙලක් බවයි.මේ අනුව ක්‍රමක් ක්‍රමයෙන් ගුවන් සමාගමේ පැරණි පුළුල් බඳ සහිත ගුවන් යානා ලබන වසර 2තුළ ඉවත් කර ඒ වෙනුවට නවතම පුළුල් බඳ සහිත A330-300ගුවන් යානා සහ A350 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන බවද හෙතෙම පැවසීය.
“ ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙමගින් ක්‍රමානුකූලව ආදායම් සහ ලාභ වැඩිදියුණු කිරිමට හැකියාව ලැබෙනවා. ගුවන් සමාගමේ නිෂ්පාදන වැඩිදියුණු කිරිම් සහ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය හා ශ්‍රීලංකන් ගුවන් සමාගම ඒකාබද්ධ විම තුළින් මෙම උත්සාහයන් තවදුරටත් සාර්ථක වූණා. ගුවන් සමාගමේ මූල්‍යමය අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීම සහ ගුවන් මාර්ග ව්‍යාප්ත කිරීම යන ක්‍රියාමාර්ග රටේ සංචාරක කර්මාන්තයවර්ධනය කිරීමට සහයෝගය දැක්වීම සඳහා ගුවන් සමාගමේ කැපවීම පෙන්නුම් කරනවා”. යැයි ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
එසේම “A350-900 පුළුල් බඳ සහිත ගුවන් යානාව ලබාගැනීමත් සමග අපට අනාගත ධාරිතා අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම පැවසීය. එසේම එයාර්බස් ගුවන් යානාවන් හි මෙහෙයුම් හි පොදු භාවය හේතුවෙන් එකම සංසදයේ ගුවන් නියමුවන්,ඉංජිනේරු කණ්ඩායම් සහ ගුවන් මැදිරි සේවක කණ්ඩායම් භාවිත කිරීමටත් මෙහෙයුම් කාර්යක්ෂමතා සහ සැලකිය යුතු ලෙස පිරිවැය ඉතුරුම් අත්පත් කර ගැනීමට හැකිවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම දෙසැම්බර් මාසයේ සිට නව A330-300 ගුවන් යානාව (ලියාපදිංචිය4R-ALL) ඈත පෙරදිග ගමනාන්ත වන ටෝකියෝ සහ චීනයේ ගුවන්ෂෝ වෙත සතියකට ගුවන් ගමන් 4ක් සඳහා යොදා ගැනීමට කටයුතු යොදා ඇත.
විශේෂයෙන් මෙම A330-300 ගුවන් යානා 7 සඳහා ප්‍රවර්ධන වැකියක් වන “නරඹමු ශ්‍රී ලංකා”ගුවන් යානයේ බඳ ප්‍රදේශයේ සඳහන් කර ඇති අතර මෙමගින් අප රට විදේශ සංචාරක වෙළෙඳපලවල් තුළ ප්‍රවර්ධනය කිරීමටත් ශ්‍රීලංකන් හා එක්ව ශ්‍රී ලංකාව නරඹමු යන පණිවිඩය ලබා දීමටත් බලාපොරොත්තු වේ.
ගුවන් යානා මැදිරි තුළ ඉතා උසස් තත්වයේ සුවපහසු සේවා ලබාදීමට ගුවන් සමාගම මෙයින් කටයුතු කර ඇත. ගුවන් මගීන් 297 සඳහා ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269 ට මෙයින් පහසුකම් සැලසේ.
මෙම නව A330-300 ගුවන් යානාව අති නවින ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර ශ්‍රීලංකන් හා එක්ව ව්‍යාපාර පංතියේ සහ පිරිමැසුම් පංතියේ ගමන් ගන්නා ගුවන් මගීන්ට මෙයින් නවතම පියාසර අත්දැකීමක් ලියවෙනු ඇත.
මෙම ගුවන් යානාව තුළින් අති නවින තැලස් ඇවන්ට් (Thales AvantAudio-Video on Demand (AVOD)) ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇති අතර මෙහි ගුවන් මැදිරිවල හාත්පස පැතිරුණු ආලෝකනය, සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.
පින්තූරය
(වමේ සිට දකුණට) සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රීලංකන් ප්‍රථම නව A330-300ගුවන් යානාව සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ දී
Video Story