Lion Brewery චියර්ස් කියයි

    November, 3, 2014

    මීට පෙර ගිවිසගත් පරිදි කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමට අයත් Lion Brewery Ceylon PLC සමාගම සහ Pearl Springs (Private) Limited සමාගම විසින් කාර්ගීල්ස් සමූහයට අයත් Millers Brewery Limited සමාගම රුපියල් බිලියන 5.15 කට මිලදී ගනිමින් අදාළ ගනුදෙනුව නිමකර තිබේ.

    මෙහිදී, Millers Brewery Limited සමාගමට අයත් සන්නාම සහ සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමට අයත් Lion Brewery Ceylon PLC සමාගම සහ Pearl Springs (Private) Limited සමාගම වෙත මාරුකර ඇත.
    මේ අනුව, ඉදිරියේදී Lion Brewery විසින් Sando Power, Irish Dark, Sando Stout, Three Coins Lager සහ Grande Blonde යන සන්නාම යටතේද බීර නිපදවීමට සැලසුම් කර තිබේ.

    කාර්ගීල්ස් විසින් ත්‍රී කොයින්ස් බීර සමාගම 2011 වසරේදී රුපියල් බිලියන 1.4 කට මිලදීගත් අතර එහි ධාරිතාවය පුළුල් කිරීම සඳහාද ආයෝජනය කළේය.

    මෙරට බීර වෙළඳ පොළේ වැඩිම කොටසක් අත්පත් කරගනිමින් වෙළඳ පොළ ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ Lion Brewery සමාගමයි.
    Lion Brewery සමාගම පසුගිය කාලයේදී සිය නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැමීම සඳහාද විශාල ආයෝජනයක් කළේය.