November, 3, 2014
ජෝන් කීල්ස් සමූහයට අයත් නේෂන් ට්‍රස්ට් බැංකුවේ තවත් සියයට 5.53 ක කොටස් පසුගියද සිකුරාදා මිලදීගත් HWIC Asia නැමති විදේශීය අරමුදල විසින් නේෂන් ට්‍රස්ට් බැංකුවේ තමන් සතු කොටස් ප්‍රමාණය සියයට 15 ක් දක්වා මේ වනවිට වැඩිකර ගෙන තිබේ.
මෙම අරමුදල විසින් 2013 අප්‍රේල් මාසයේදී මුලින්ම නේෂන් ට්‍රස්ට් බැංකුවේ කොටස් මිලදී ගනිමින් බැංකුවේ කොටස් කරුවෙකු බවට පත්විය.
HWIC Asia අරමුදල විසින් කොටසක් රුපියල් 95 ක් බැගින් නේෂන් ට්‍රස්ට් බැංකුවේ කොටස් මිලියන 12.7 ක් පසුගිය සිකුරාදා මිලදී ගන්නා ලදී.
මීට අමතරව, පසුගිය සිකුරාදා නේෂන් ට්‍රස්ට් බැංකුවේ කොටස් මිලියන 22.8 ක් කොටසක් රුපියල් 95 ක් බැගින් අලෙවි විය.
Video Story